master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ශ්‍රී ලාංකික සරණාගතයන්ගෙන් අටදහසක් අපරාධවලට සම්බන්ධයි


2018-07-12 08:27:26 -  449 යි

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික සරණාගතයන්ගෙන් හාරදහසක් වහාම ශ්‍රී ලංකාවට යවන ලෙස ඉන්දියාවේ බී.ජේ.පී. පක්‍ෂය ඉන්දීය රජයට බලපෑමක් කොට තිබේ.

ඉන්දියාවේ තමිල්නාඩුවේ මණ්ඩපම් අනාථ කදවුරේ රැඳී සිටින ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයන්ගෙන් අටදහසක් තවදුරටත් ඉන්දියාවේ රැඳී සිටීමෙන් පලක් නොවන නිසා ඔවුන්ගෙන් 4000ක් වහාම ආපසු යැවිය යුතු බවට ඉන්දියාවේ බී.ජේ.පී. පක්‍ෂයේ සුබ්‍රමනියම් ස්වාමී ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.

ජූලි මස 9 වැනිදා ඉන්දීය විදේශ අමාත්‍ය සුස්මා ස්වරාජ් වෙත ලිපියක් යවමින් සුබ්‍රමනියම් ස්වාමී ප්‍රකාශ කොට ඇත්තේ බී.ජේ.පී. පක්‍ෂය කරන ලද සමීක්ෂණයකට අනුව කිසිදු හේතුවක් නොමැතිව ඉන්දියාවේ රැඳී සිටින මේ සරණාගතයන් අටදහස නිසා ඉන්දීය සමාජයට අනවශ්‍ය ප්‍රශ්න රැසක් ඇති වී තිබෙන බවයි.

ඉන්දියාවේ තමිල්නාඩුවේ සිට ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශය දක්වා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම, තමිල්නාඩුවේ මංකොල්ලකෑම් ඇතුළු තවත් අපරාධ ගණනාවකට සම්බන්ධ වන්නේ හේතුවක් නොමැතිව මෙන් ඉන්දියාවේ රැඳී සිටින අටදහසක් පමණ වන මේ පිරිස බවද සුබ්‍රමනියම් ස්වාමී අවධාරණය කොට තිබේ.

ලක්‍ෂයකට අධික ලාංකික සරණාගතයන් පිරිසක් තවමත් ඉන්දියාවේ රැඳී සිටින නමුත් ඔවුන් විෂමාචාර ක්‍රියාවලට සම්බන්ධ වී සිටින බවට කිසිදු තොරතුරක් නොමැති බව එම ලිපියේ සඳහන්ව ඇති අතර තම පක්‍ෂය විසින් හඳුනාගෙන සිටින පුද්ගලයන් අටදහසක් දෙනා පමණක් ඉන්දීය ජන සමාජයට ප්‍රශ්නයක් බැවින් ඔවුන් අදියර දෙකකට හාරදහස බැගින් ශ්‍රී ලංකාවට යැවිය යුතු බව බී.ජේ.පී. පක්‍ෂය පෙන්වා දී තිබේ.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දැනුවත් කරන ලෙසද සුබ්‍රමනියම් ස්වාමී ඉන්දීය විදේශ අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇත.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
13 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com