master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

විජයකලාට සහය පළකර යාපනයේ පෝස්‌ටර්


2018-07-09 12:06:19 -  305 යි

පෞද්ගලික ලාභ අපේක්‌ෂාවෙන් තොරව දෙමළ ජනතාවගේ අභිලාෂයන් හා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි එකම දේශපාලන නායිකාව විජයකලා මහේෂ්වරන් අමාත්‍යවරිය බව කියමින් 6 දා සවස යාපනය පුරා පෝස්‌ටර් අලවා තිබේ.

යාපනයේ අලවා තිබූ අදාළ පෝස්‌ටරයේ "ස්‌වයංලාභ නොමැති දේශපාලනය" යනුවෙන් තද කළු අකුරින් මාතෘකා ලියා තිබූ අතර පහළින් ලියා තිබුණේ "දෙමළ ජනතාවගේ නිදහස වෙනුවෙන් එදා ටී. මහේෂ්වරන් දිවි පිදුවා අද දෙමළ ජනතාවගේ නායිකාව වූ විජයකලා තමන්ගේ පදවිය පූජාකළා කවදත් අපි ඔබ සමගයි දෙමළ කතා කරන ජනතාව" යනුවෙනි.

තවත් පෝස්‌ටරයක සඳහන්ව ඇත්තේ "දෙමළ ජනතාවගේ විමුක්‌තිකාමියා වූ ප්‍රභාකරන් වෙනුවෙන් කතා කළ විජයකලා ඇමැතිවරියට ඇමැති පදවිය අහෝසි වුවත් සියලු දෙමළ ජනතාව ඇය සමගයි යනුවෙනි."

දෙමළ කතා කරන ජනතාව අදාළ පෝස්‌ටරයේ සංවිධායකයන් වශයෙන් හඳුන්වා දී ඇත. යාපනය බස්‌ නැවතුම්පළ ආසන්නයේ සහ අතුරු මාර්ග කිහිපයක මෙම පෝස්‌ටරය අලවා ඇත.


  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 15 =       

New Page 1

  2014 by www.eethalayanews.com