master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

කළුබෝවිල සහ බත්තරමුල්ලෙන් හෙරොයින් කිලෝ 103 ක් අල්ලයි


2018-07-08 10:45:29 -  576 යි

රුපියල් මිලියන 1248ක පමණ වටිනාකමින් යුත් හෙරොයින් තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඊයේ රාත්‍රී කළුබෝවිල ප්‍රතිබිම්බාරාම මාවතේ දී ජීප් රථයක් පරීක්ෂා කිරීමේ දී හෙරොයින් පාර්සල් 30ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී බත්තරමුල්ල සුභූතිපුර නිවසක තිබී තවත් හෙරොයින් පාර්සල් 66ක් පොලීසිය භාරයට ගෙන තිබේ.

ඒ අනුව අදාළ පාර්සල් තුළ හෙරොයින් කිලෝග්‍රෑම් 103යි ග්‍රෑම් 950ක් පමණ තිබූ බව පොලීසිය සඳහන් කළේය.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 19 =       

New Page 1

  2014 by www.eethalayanews.com