master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

සූත්තරෙන් වැඩිකල ඉන්ධන මිල ඉහල නියෝගයෙන් යලි බහී


2018-07-06 12:12:15 -  710 යි

ඉහළ දැමූ ඉන්ධන මිල නැවත දැනුම් දෙන තුරු පෙර පැවති මිලටම පාරිභෝගිකයන් වෙත ලබාදෙන්නැයි සියලුම ඛනිජ තෙල් සංස්ථාවෙන් නියෝග කර තිබේ.

මේ අනුව ඉන්ධන බෙදුම්කරුවන්ට ප‍්‍රාදේශීය කළමනාකරුවන් විසින් මෙම නියෝගය අද උදෑසන වනවිට ලබාදී ඇත.

තෙල් සංස්ථා සභාපති ලබාදුන් නියෝග මත ඊයේ රාත‍්‍රි ඉන්ධන මිල ඉහළ දමා තිබුණි.

එහෙත් පෙර පැවැති මිලටම ඉන්ධන නිකුත් කරන්නැයි තෙල් සංස්ථා සභාපතිවරයා විසින් අද පෙරවරුවේ යළි දැනුම් දී තිබේ.

ඉන්ධන මිල වැඩි කළ පසුව එය යළිත් අඩු කරන්නැයි ඉහළින් ලැබුණු නියෝගයක් අනුව මිල ඉහළ දැමීමේ නියෝගය යළි හකුළාගැනීමට සිදුවූ බව ආරංචි මාර්ග රිවිරට පැවැසීය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com