master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ගමෙන් ගේන ලස්සන කෙල්ලො බෙල්ලට මල් මාල දදා නටවන කොළඹ ක්ලබ්වල මල් ඩාන්ස් සෙල්ලම


2018-07-03 13:43:34 -  938 යි

යම් කිසි අයකුට මල් මාලාවක් පලඳවනු ලබන්නේ පිළිගැනීමේ උත්සවයකදීය. නමුත් අද අප කතා කරන මල් ඩාන්ස්වලදී මල්මාලා පලඳවනු ලබන්නේ ඉහත දුෂ්කර ගම්මානවලින් කොළඹ නගරයේ රැකියා සොයා පැමිණ රාත්‍රී සමාජශාලාවල නර්තනයේ යෙදෙමින්  රැය පහන් කරන සුරූපී තරුණියන්ටය. මේ එම මල් ඩාන්ස් පිළිබඳව තොරතුරු සොය ලියුම්කරු ගිය ගමනේ සජීවි අත්දැකීමයි.

කොළඹ නගරයේ රාත්‍රී සමාජශාලා තුළ සිදුවන මල් ඩාන්ස් වල තොරතුරු සොයා බැලීමේ  අරමුණින් ලියුම්කරු පළමුව ලංකාවේ ලොකු රාත්‍රී සමාජශාලාව වන කොල්ලුපිටිය ලිබර්ටි ප්ලාසා ගොඩනැගිල්‍ලේ බිම් මහ‍ලේ පිහිටි ක්ලියෝ පැට්රා රාත්‍රී සමාජශාලාව වෙත ඇතුළු විය.
රාත්‍රී සමාජශාලාවේ සුවපහසු අසුනක් මත ඉඳගත් මා එහි සේවය කරන මගේ පාසල් සමයේ මිතුරකු වන වේටර් කෙනකු අමතා මට බියර්එකක් ගේන්නයැයි පැවසීමි. ඒ අනුව කූල් බියර්  එකක් රැගෙන ආ වේටර් තරුණයා එය මා ඉදිරිපිට වූ මේසය මත තැබිය.

අද මල් ඩාන්ස්එක නැද්ද? මම ඔහුගෙන් විමසීමි. සර් තාම 8යිනේ 11 විතර වෙනකොට තමයි මල් ඩාන්ස් එක පටන්ගන්නේ ඔහු මට කීවේය.

රාත්‍රී සමාජශාලාව පුරාම පැවතියේ  අඩ අඳුරකි. ඉතාමත් උද්වේගකර D.J. සංගීතය නම් නොකඩවා පැවතුණේය. එකවරම මා සිටි අසුන ඉදිරිපිටින් මල්ඩාන්ස්වල නිරත වෙනවා යැයි සිතිය හැකි තරුණියන් කිහිප දෙනකු ගමන් කරනු පෙනිණ. ඔවුන් ඉන්දියානු පන්නයට සැරසුණු සාරිවලින් සැරසී සිටියේය.
අර කවුද මම මගේ වේටර් මිතුරාගෙන් ඇසීමි.

ආ සර් ඒ කට්ටිය තමයි මෙහේ ඩාන්සින් ගර්ස්ලා. ඒ කට්ටිය කෙලින්ම ගියේ චේන්ජින් රූම්එකට. (ඇඳුම් මාරු කරන සහ මේකප් දමන ස්ථානය) කෙල්ලෝ ටික ලිප්ස්ටික් ගාලා හොඳට  සුදු වෙන්න මේකප් දාලා තමයි දැන් එළියට එන්නේ. සමහර ගර්ස්ලාව නම් ලෑස්ති වෙන්නම පැයක් විතර යනවා. කවුරුත් බලන්නේ හැමෝටම වඩා තමන් ලස්සනට පෙන්න ඉන්නනේ සර් වේටර් කීවේය.

ටිකෙන් ටික වේලාව ගත වෙමින් රාත්‍රිය උදාවෙමින් තිබුණි. රාත්‍රී සමාජශාලාව වෙත විවිධ වයස් මට්ටම්වල පුද්ගලයින් පැමිණෙමින් සිටියේය. විවිධ රටවල විදේශිකයෝ ද ඒ අතර වූහ. වයස අවුරුදු 18  ඉක්මවූ ළාබාල තරුණියන්ගේ සිට වයස අවුරුදු 70-80 වැනි වියේ පසුවන වයෝවෘද්ධ පුද්ගලයින් ද රාත්‍රී සමාජශාලාව තුළට පැමිණ කාබි විනෝද වෙමින් නටමින් සිටිනු මාගේ නෙත ගැටිණ.

වෙලාව රාත්‍රී 10 ඉක්මවෙමින් තිබුණි. රාත්‍රී සමාජශාලාව වෙත පැමිණෙන පිරිසට ඩාන්සින් කිරීමට වෙනමම විශාල වේදිකාවක් ද ක්ලියෝපැට්රා  රාත්‍රී සමාජශාලාවේ මැදට වන්නට ස්ථාපිත කර තිබූ අතර කමින්, බොමින් විනෝද වෙමින් සිටි  පිරිසගේ ඇතමෙක් වේගවත් ච්.බ්. සංගීත මිහිර මධ්‍යයේ නර්තනයේ යෙදෙමින් සිටියේය.

රාත්‍රී  සමාජශාලාවේ නර්තන වේදිකාව මතට එකවරම නාට්‍යාංගනාවන් හෙවත් සුරූපි ඩාන්සින් ගර්ල් කෙනකු පැමිණියාය. සිය සුදු පැහැති ඇඟපසඟ තරමක් ප්‍රදර්ශනය වන අයුරින් ඉතා වෛවර්ණ දිලිසෙන සුළු ඉන්දියානු සාරි විලාසිතාවකින් ඇය හැඩගැන්වී සිටියාය. ච්.බ්. සංගීතයෙන් වාදනය වූ හින්දි ගීතවලට   ඇය මනරම්සරාගි නර්තනයක් ඉදිරිපත් කළාය. දැන් ඩාන්සින් පටන් ගත්තද මම වේටර්ගෙන් ඇසීමි.

සර්, තව ටිකකින් පටන්ගන්නවා. ඔය දැන් නටන්නේ මේක ඇතුළේ ඉන්න කස්ටමස්ලාට ‍පොඩි ෆන් එකක් දෙන්නනේ. එතකොට ඒ අය මල් ඩාන්ස් එකකටත් උනන්දුවෙනවනේ. යැයි ඔහු මට කීවේය.දැන් නටන ඩාන්සින් කෙල්ල  ආවේ කෙහෙන්ද? මා ඔහුගෙන් විමසා සිටියෙමි.

ඇයි සර් දැන් පැය 2කට විතර ඉස්සෙල්ලා සර්ගෙ ඉස්සරහින් තව කෙල්ලෝ කට්ටියක් එකක් ගියේ. මතක නැද්ද? සමහර කෙල්ලෝ මේකප් දා ගත්තහම අඳුර ගන්නත් බෑ  වේටර් මාහට පැවැසීය. ඔහු කියූ කතාව මා හට අදහාගත නොහැකි වූයේ නර්තන වේදිකාව මත නර්තනයේ යෙදෙන්නියගේ ස්වරූපය ඉතා කෙටි වේලාවකින් බොහෝ දුරට වෙනස් වී තිබූ බැවිනි.

තවත් අඩ හෝරාවක් පමණ ගත වෙමින් තිබියදී රාත්‍රී සමාජශාලාවේ සිටි සේවකයකු මල් මාලාවලින් පිරුණු කුඩා කරත්තයක් වැනි දෙයක් තල්ලු කරගෙන විත් නර්තන වේදිකාව ඉදිරිපසට වන්නට තැබුවේය.
මේවාද මල් මාලා මම වේටර්  තරුණයාගෙන් ඇසුවෙමි.

ඔව් සර් මේ මල් මාලා තමයි ඩාන්සින් කරන කෙල්ලන්ට ගෙස්ට්ලා සල්ලි දිලා අරන් දාන්නේ.
එක මල් මාලාවක් කියද? මම ඔහුගෙන් විමසීමි. එකක් රුපියල් 500යි සර්. මල් කරත්තයේ මල් මාලා 250ක් විතර තියෙනවා. සමහර ඩාන්සින් කෙල්ලන්ට මල් මාලා 50-100 දාන සල්ලිකාර  ගෙස්ට්ලාත් ඉන්නවා. සමහර ඩාන්සින් කෙල්ලන්ට වශී වුණු ගෙස්ට්ලා එක දිගට රුපියල් ලක්ෂ ගණන් වියදම් කරකර මල් මාලා දාන වේලාවලුත් තියෙනවා. සමහර නයිට් ක්ලබ්වල  නම් රුපියල් 500 ඉඳලා රුපියල් 25,000 විතර වෙනකම් මල් මාලා, මල් ‍පොකුරු රෝස මල් එහෙමත් තියෙනවා.  එහෙම මල් මාලා, මල් ‍පොකුරු දෙන ගෙස්ට්ලාට ඩාන්සින් කෙල්ලෝ හොඳට සලකනවා.  සමහර ගෙස්ට්ලා ක්ලබ් එකට ගේන සල්ලි සේරම මල් කෙල්ලන්ට වියදම් කරනවා. ඒක හරියට මාළු අල්ලන කෙනෙක් මාළුවා  ගන්න ඇමක් දානවා වගේ වැඩක් යැයි වේටර් මිතුරා තොරතෝංචියක් නැතිව කියාගෙන යයි.

මතෙක් වේලාවක් පැවැති අඩ අඳුර නිමා කරමින් නර්තන වේදිකාව මත සවිකර තිබූ වෛවර්ණ විදුලි බල්බවල ආලෝකය වැඩිවිය. නර්තන වේදිකාව මත නර්තනයේ යෙදෙමින් සිටි පිරිසට එයින් බිමට බහින ලෙසත්, ඩාන්සින් ගර්ස්ලා වේදිකාව මතට පැමිණීමට නියමිත බවත් ශබ්ද විකාශන යන්ත්‍ර මගින් නිවේදනය කළේය. එය නෑසුණා මෙන් නර්තනයේ යෙදී සිටි ඇතමෙක් රාත්‍රි සමාශාලාවේ ඇතුළත ආරක්ෂකයින් විසින් බිමට බස්වනු දක්නට ලැබිණි.
රාත්‍රී සමාජශාලාවේ D.J.කරුවන් විසින් වාදනය කළ ළයාන්විත හින්දි ගිතයකට සිය පාද රිද්මය මනාව තබමින් ඩාන්සින් ගර්ස්ලා නර්තන වේදිකාව මතට ගොඩවිය. නර්තන වේදිකාව මතට ගොඩවූ තරුණියන් 15 දෙනකු පමණ එකිනෙකා පරයමින් සිය දක්ෂතාවන් පෙන්වන්නට වූහ.

රාත්‍රී සමාජශාලාවේ සුරා මතින් හොඳට පදම් වී සිටි පිරිස අතරින් ඇතැම් අයකු අසුනින් නැගිට මල් කරත්තය අසලට ගොස්  එහි සිටින කළමනාකරුවන්ට මුදල් ලබාදී  මල් මාලා ලබාගෙන තම සිත්ගත් තරුණියන්ගේ ගෙල පලඳිනු දක්නට ලැබිණි. සමහර ඩාන්සින් ගර්ස්ලාගේ මුහුණත් වැසෙන තරමට මල් මාලාවලින්  පිරී තිබුණු අතර තරුණියන් කිහිප දෙනකුට පමණක් මල් මාලා  දෙක තුනක් වැටී තිබෙනු දක්නට විය.

මා හට සත්කාර කරනු ලැබූ වේටර් තරුණයාට ද ගෙස්ට්ලා අමතක වී ගොස් ඇති බවක් පෙනේ. ඔහුද සිටින්නේ ඩාන්සින් ගර්ස්ලාගේ සරාගී නර්තනයට වශී වුණාක්මෙනි. මා ඔහුගේ පිටට තට්ටුවක් දැමූ විට ඔහු එකවරම තිගැස්සී මා දෙස බැලුවේය.

මේ මල් ඩාන්ස් එක කොච්චර වේලාවක් යනවද?
සර්, ඩාන්සින් ගර්ස්ලා පැය භාගය ගානේ අවස්ථා 04 කදී නටනවා. සමහර කෙල්ලන්ට මල් මාලා වැඩියෙන් වැටෙන කොට එක දිගටම නටනවා. මොකද තමන්ගේ කස්ටමස්ලා සතුටු වෙනවා කියන්නේ මල් මාලාත් වැඩි වෙන එකනේ. කෙල්ලන්ට මල් මාලා දාන එක මේ ක්ලබ් එකට එන සමහර ගෙස්ට්ලාගේ  විනෝදාංශය වෙලා තියෙන්නේ. සමහරු මල් දාන්න හැමදාම ක්ලබ්එකට එනවා. සමහරු පර්ස් එකේ  සල්ලි ඉවර වෙනකම්ම මල් දානවා. වේටර් තරුණයා පැවසීය.

මල් මාලා වැටුණහම ඩාන්සින් ගර්ස්ලාට ඇති ලාභය මොකක්ද? මම වේටර් තරුණයාගෙන් ඇසීමි.
මල් මාලාවකින්ම රුපියල් 100 ගානේ කෙල්ලන්ට හම්බ වෙනවා. ඒ කියන්නේ දවසට මල් මාලා 100ක් වැටුණොත් ඩාන්සින් කරන කෙල්ලට රුපියල් 10,000ක කොමිෂන් හම්බවෙනවා. සමහර ඩාන්සින් කෙල්ලන්ට එක දවසට මල් මාලා 400-500 වැටෙන වෙලාවලුත් තියෙනවා. එදාට ඉතින් ඒ ඩාන්සින් කෙල්ලගේ කල්ලමරේ වේටර් මිතුරා මා වෙත පැවසීය.

රාත්‍රී සමාජශාලාවේ මල් ඩාන්ස්  එක් අවස්ථාවක් නිමා විය. නර්තනයේ නිරත වූ කෙල්ලන් හොඳහැටි හෙම්බත්වී සිටියේය. තවත් මල්ඩාන්ස් අවස්ථා 03ක් තිබේ.

නර්තන වේදිකාව මත සරාගි නර්තනයක යෙදුණු සුරූපී මල් කෙල්ලක් හා කතාබස් කිරීමට මට ද සිතිණි. ඒ අනුව අදාළ තරුණිය කැඳවා මා සිටි අසුනේ හිටුවා ගත්තේය. මොකද මහන්සිද? මම ඇයගෙන් විමසීමි. නල‍ලේ රැඳුණු දහඩිය බින්දුවක් පිස දමමින් ඇය මා සමග දොඩමලු වූවාය.

මල් කෙල්ලන්ගේ සත්‍ය කතාව 
ලබන සතියේ
Arroo

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com