master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ ලිපියට තොරතුරු දීමට මංගලගේ හිතවත් මාධ්‍යවේදීන් දෙදෙනකු සම්බන්ධයි


2018-07-03 08:15:54 -  414 යි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අසත්‍ය චෝදනා එල්ල කරමින් 'නිව්යෝර්ක් ටයිම්ස්' පුවත්පතේ පළ කරන ලද ලිපියට තොරතුරු දීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීරට ඉතා සමීපව කටයුතු කරන ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් දෙදෙනකුද සම්බන්ධ වී ඇති බවට හෙළිදරව් වී තිබෙන බව ඒකාබද්ධ විපක්ෂයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කාංචන විජේසේකර ඊයේ (2දා) මාතර පොදුජන පෙරමුණු කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

මංගල සමරවීර අමත්‍යවරයාගේ පත්වීමකට අනුව මීට මාස දෙකකට පමණ පෙර 'සන්ඩේ ඔබ්සර්වර්' පුවත්පතේ කර්තෘවරිය වන ධරීෂා බැස්ටියන් මෙයින් එක් කෙනකු බව කාංචන විජේසේකර මහතා පෙන්වා දෙයි.

'සන්ඩේ ලීඩර්' හා 'ද නේෂන්' යන පුවත්පත්වල සේවය කිරීමෙන් අනතුරුව නිදහස් මාධ්‍යවේදියකු ලෙස කටයුතු කරන මාධ්‍යවේදී ආතර් වාමනන් අනෙක් මාධ්‍යවේදියා බව හෙළිදරව් වී ඇති බව කාංචන විජේසේකර මන්ත්‍රිවරයා පවසයි.

ධරීෂා බැස්ටියන් මහත්මියගේ ස්වාමිපුරුෂයා විදේශ අමාත්‍යාංශය යටතේ විදේශ සේවයේ නියුතු වන අතර ඔහුට එම පත්වීම ලබාදී ඇත්තේ මංගල සමරවීර මහතා විදේශ කටයුතු අමාත්‍යවරයා වශයෙන් සිටියදී බවද විජේසේකර මන්ත්‍රිවරයා සඳහන් කරයි.

එම කරුණුවලින් 'නිව්යෝර්ක් ටයිම්ස්' පුවත්පතේ අසත්‍ය තොරතුරු වාර්තා කිරීම සඳහා මංගල සමරවීර අමාත්‍යවරයාගෙන් පත්වීම ලබාගත් මාධ්‍යවේදිනියක් සහ ඔහුට හිතවත් මාධ්‍යවේදියකු සම්බන්ධ වී ඇති බව තහවුරු වන බවද ඒ මහතා පෙන්වා දෙයි.

'නිව්යෝර්ක් ටයිම්ස්' පුවත්පතේ අදාළ ලිපියට පහළින් එම ලිපිය සකස් කිරීම සඳහා ජනමාධ්‍යවේදීන් පස්දෙනකුගේ සහාය හිමි වූ බව එම ලිපිය සැකසූ මාධ්‍යවේදිනිය සඳහන් කර තිබෙන බව එම නම් අතර ධරීෂා බැස්ටියන් මහත්මියගේ නම සහ ආතර් වාමනන් මහතාගේ නමද පැහැදිලිව සඳහන් කර තිබෙන බවත් වැඩිදුරටත් අදහස් දැක්වූ කාංචන විජේසේකර මන්ත්‍රිවරයා සඳහන් කළේය.

  ඔබේ අදහස්
Nme - පෙරුමාල්
Message -ඉතින් පko, නිව්යෝක් ටයිම්ස් එකේ තොරතුරු අසත්‍යනම් දාපියව්කො පත්තරේට නඩු ඩොලර් කෝටි ප්‍රෙකා්ටියක් අලාභ ඉල්ලලා!!!!!!
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com