master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මහ බැංකු බැඳුම්කර ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ තුන්වැනි ඇමුණුම ජාතික ලේඛනාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නෑ


2018-07-03 08:12:17 -  197 යි

මහ බැංකු බැඳුම්කර ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ඇමුණුම් අතරින් තුන්වැනි ඇමුණුම මේ වන විට ජාතික ලේඛනාරක්‍ෂක දෙපාර්තමේන්තුව සතුව නොමැති බව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි ජයන්ත සමරවීර පවසයි.

බැඳුම්කර කොමිෂන් සභාවේ පිටපතක් ලබා ගැනීමට ඔහු ඇතුළු පිරිසක් ඊයේ (02දා) ජාතික ලේඛනාරක්‍ෂක දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව පැවැසීය.

එම ඇමුණුම් අතුරින් ලේඛනාරක්‍ෂක දෙපාර්තමේන්තුව සතුව 1, 2, 4, 5 යන ඇමුණුම් තිබූ බවත් තෙවැනි ඇමුණුම නොමැති වීම සම්බන්ධව ඔවුන්ගෙන් කළ විමසීමකදී එහි අධ්‍යක්‍ෂ ජනරාල්වරිය පවසා සිටියේ තුන්වැනි ඇමුණුමක් සිය දෙපාර්තමේන්තුවට ලබාදී නොමැති බවයි.

තුන්වැනි ඇමුණුම එසේ අතුරුදන් වෙද්දී 1, 4, 5 යන ඇමුණුම්වල මුල් පිටපත් ලේඛනාරක්‍ෂක දෙපාර්තමේන්තුවට සපයා තිබුණද එහි 2 වැනි ඇමුණුම මුල් පිටපතක් නොව සහතික කළ පිටපතක් බවද ඔහු සඳහන් කළේය.

එහි මුල් පිටපත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත සපයා ඇති බව සඳහන් කරන මන්ත්‍රිවරයා වැඩිදුරටත් පැවැසුවේ මෙය ලේඛනාරක්‍ෂක පනත කඩකිරීමක් බවයි.
මුල් පිටපත රහිතව ලේඛනාරක්‍ෂක දෙපාර්තමේන්තුව ලබාදී ඇති දෙවැනි ඇමුණුම ආන්දෝලනයට තුඩු දුන් කෝප් කමිටුවේ මන්ත්‍රිවරු මුදල් ලබා ගැනීමට අදාළ තොරතුරු සහ දහස් ගණනින් චෙක්පත් ලබාදීම්වලට අදාළ තොරතුරු ඇතුළත් ඇමුණුම යැයි තමා විශ්වාස කරන බවත්, ඊට හේතුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට මුල් පිටපත් සහිතව එය ඉදිරිපත් කර තිබීම බවත් ඔහු එහිදී පැහැදිලි කළේය.

කෙසේ වෙතත් මේ ඇමුණුම් ජනතා පරිශීලනයට මුදාහැරිය හැක්කේ ජනාධිපති ලේකම්වරයාගේ අවසරය මත පමණක් බව එහි අධ්‍යක්‍ෂ ජනරාල්වරිය පැවැසූ බවද ඔහු සඳහන් කළේය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 12 =       

New Page 1

  2014 by www.eethalayanews.com