master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

පොලිස්‌ නිලධාරිනියන් දෙදෙනෙක්‌ට අතවර කිරීම සිද්ධියකට වාද්දුව එස්‌.අයි.ගේ වැඩ තහනම්


2018-07-03 08:02:45 -  2929 යි

වාද්දුව පොලිසියේ කාන්තා පොලිස්‌ නිලධාරිනියකට සහ එහි ආරක්‍ෂක සේවා නිලධාරිනියකට අතවර සිදුකිරීමේ සිද්ධියක්‌ සම්බන්ධව වාද්දුව පොලිසියේ පොලිස්‌ පරීක්‍ෂකවරයකු පානදුර සහකාර පොලිස්‌ අධිකාරීවරයා විසින් වැඩ තහනමකට ලක්‌කර ඇතැයි පානදුර කොට්‌ඨාසයේ පොලිස්‌ ආරංචි මාර්ග වලින් පැවසේ. පසුගිය 29 වැනිදා පස්‌වරුවේ මෙම සිද්ධිය වී ඇති අතර ඒ සම්බන්ධව අදාළ කාන්තා නිලධාරිනියන් පානදුර සහකාර පොලිස්‌ අධිකාරීවරයාට පැමිණිලි කිරීමෙන් පසුව පානදුර ස. පො. අධිකාරී ක්‌ලෙමන්ට්‌ ප්‍රනාන්දු මහතා විසින් එම පොලිස්‌ නිලධාරියාගේ වැඩ තහනම් කොට ඇත.

පානදුර සහකාර පොලිස්‌ අධිකාරි ක්‌ලෙමන්ට්‌ ප්‍රනාන්දු මහතා මේ සම්බන්ධව පරීක්‍ෂණ භාරව කටයුතු කරයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com