master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

කිලිනොච්චියේ ඝාතනය කළ කොටියාගේ කතාව ගැන අලුත් හෙළිදරව්වක් (Exclusive)


2018-07-02 15:30:29 -  636 යි

කිලිනොච්චිය අම්බාලන්කුලම් ගම්වාසීන්ගේ ප‍්‍රහාරයට ලක්ව ඝාතනයට ලක්වූ කොටියා වනයේ ගැවසෙන සතකු නොව මිනිස් වාසයක ඇතිකරන ලද සතෙක් දැයි එ් පිළිබඳ විමර්ශකයන්ට සැකයක් මතුව තිබේ.

මෙම සත්වයා ඝාතනයට ලක්වීමෙන් පසු කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවී ඇත්තේ කොටියාගේ කුස තුළ කිසිදු අහරක් හෝ දරවන ආහාරයක්වත් නොමැති බවයි.

ඉන් පෙනී යන්නේ කොටියා අවම වශයෙන් දින 3කට අධික කාලයක් නිරාහාරව සිටින්නට ඇති බවයි.

මෙම කොටි විශේෂය වාසය කරන්නේ මෙම ඝාතනය සිදුවූ ගම්මානයට කිලෝමීටර් 25ක් පමණ ඇතිනි.

එසේ නම් මෙම කොටියා අම්බාලන්කුලම් ගමට ආ යුත්තේ තවත් ගම් 7ක් පසුකරමිනි.

එහෙත් එම ගම්මාන කිසිවක ජනතාවට මෙම කොටියාගෙන් හානි වී ඇති බවට වාර්තා නොමැත.

මෙම වර්ගයේ සතුන් කුසගින්නේ ොසිටින අතර කුඩා සතකු හෝ ආහාරයට ගනී.

එහෙත් මෙම කොටියා සතුන් දඩයම් කර ආහාරයට ගැනීමට පුරුදු නොවූ කවුරුන් හෝ දෙන මස් ආහාරයට ගැනීමට පමණක් පුරුදු වූ සතකු බවට විමර්ශකයන්ට සැක මතුවී තිබේ.

මේ කොටියා හැමවිටම මිනිසුන් සොයා පැමිණෙන බවට පෙනී ගොස් ඇත.

එමගින් පෙනී යන්නේ මෙම කොටියා මිනිස් වාසයක හුරු පුරුදුකම් ඇති සතකු විය හැකි බවට විමර්ශකයෝ අනුමාන කරති.

මේ අතර පසුගිය 19 වැනිදා දහවල් එම අම්බාලන්කුලම් ගම්මානයට සමීපව පිහිටි හමුදා කඳවුරක අණ දෙන නිලධාරියා ඇතිකරන ලද සුනඛයකු කූඩුවෙන් පලාගොස් ඇතැයි එම කඳවුරේ සාජන් මේජර්වරයකු පොලීසියට පැමිණිල්ලක් කර තිබේ. (මෙම කොටියා අම්බාලන්කුලම් ගම්මානයේදී ඝාතනයට ලක්වන්නේ පසුගිය 21 වැනිදායි.)

නැතිවූ සුනඛයා සොයන හමුදාවේ පිරිසක් එම ගම්මානයේ සහ අවට ප‍්‍රදේශවල සෝදිසි මෙහෙයුම් ද දියත් කර ඇත.

හමුදා කඳවුරේ සුනඛයාගේ නැතිවීම, පොලිස් පැමිණිල්ල හා හමුදා සෙබළුන් සුනඛයා සොයමින් කළ සොදිසි මෙහෙයුම සම්බන්ධයෙන් ද මේ වනවිට විශේෂ අවධානයට යොමුවී ඇතැයි උතුරේ උසස් පොලිස් නිලධාරියකු රිවිරට පැවැසීය.

ගයාන් කුමාර වීරසිංහ

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com