master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මේජර් ලලිත් ජයසිංහ ජීවිතයට සමුදුන් දවස


2018-07-02 13:45:07 -  1516 යි

පසුගිය සතියෙන්

මෙහෙයුමට පෙර ගුවන් ඡායාරූපවලින් ගන්නා තොරතුරු විශ්‍ලේෂණය කර තිබිමත් මෙම භූමියට රහස්‍ය මෙහෙයුම් සඳහා ගොස් ලද අත්දැකීම් නිසාත් භූමිය ගැන නිසි අවබෝධයක් සියලු දෙනාටම විය.

නොවැම්බර් 18 වැනිදා සවස 5.30ට පමණ කොටි ආරක්ෂක වළල්ල වෙත රහසේ ළඟා වී විමර්ශනය කර මෙයින් පැන ගැනීමට තැනක් තෝරා ගත්තේය. මෙතැනදී ආරක්ෂක වළලු තුනක් ලෙසින් යොදා තිබූ අතර බංකර්වල කොටින්ට කෑම ගෙන එන ට්‍රැක්ටර් මාර්ගයක් ද විය.

පසුදින (19) අලුයම හිරු නැගෙන්නට පෙර මෙතැනින් පැන ගැනීමට සැලසුම් කර මේ ආසන්නයේම ගස් යට තෙමි තෙමී රැය පහන් කරන්නට මොවුහු කටයුතු කළහ.
පසුදින අලුයම බංකර් තුළ කොටි ත්‍රස්තයන් නිදි අතරේ මෙම බාධකය පැනගත් මෙම විරුවෝ උතුරු දෙසට කිලෝමීටර් 15ක් මෙදින ගමන් කළහ.

මෙම ගමනේදී කොටි ත්‍රස්තයන් බංකර් සෑදීමට ලී ඉරන ශබ්දයත් කතාබහ කරන ශබ්දත් ඇසුණ ද ඒවා මගහැර සැක නොහිතෙන සේ සූක්ෂ්ම ලෙස ඉදිරියට ඇදුණහ. පුලියන්කුලම්-නැදුන්කර්නි මාර්ගය අසලට මෙදින ළඟා වූ අතර මෙදින මෙතැනින් ගමන නැවැත්විය. මෙම මාර්ගය ද කොටින්ගේ නායකයින් ඕමන්ත දෙසට යාමට උපයෝගී කරගත් එකකි.

මහ වැසි මෙදිනත් මෙම ප්‍රදේශයට කඩා හැළුණි. මෙම මාර්ගය සෑම දිනකම උදෑසන හා සවස් භාගයේ කොටින් විසින්් පරීක්ෂාවට ලක් කිරීම සිරිතක් විය. ඒ දිගු දුර කණ්ඩායම්වලින් අටවන ක්‍ලේමෝ බෝම්බ තිබේද යන්න සෙවීමටත්, මග දෙපස ප්‍රහාරක කණ්ඩායම් සිටී ද යන්න සොයා බැලීමත් සඳහාය.
මෙදින සවස්වරුවේ මාර්ග සෝදිසියට පැමිණි කොටි ත්‍රස්තයන් කැලෑව දෙසට දිනපතා කරන අයුරින් වෙඩි තබා මාර්ගය සෝදිසි කර යන්නට වූහ.

මෙදින රාත්‍රිය ද මාර්ගය අසල කැලෑවේ වැස්සට තමෛමින්ම ගස් යට රැඳී සිටින්නට සිදුවිය. පසුදින (20) උදෑසනම මෙම මාර්ගය හරහා පැන ඉදිරියට ඇදෙද්දී යළිත් දවල් වන විට වැසි ඇද හැළෙන්නට විය.
මෙදින කිලෝමීටර් හතක් පමණ ඉදිරියට ඇදුණු අතර ඒ අතරමගදී සුවිශේෂී ප්‍රහාර සඳහා යොදා ගැනීමට කොටි පාලන ප්‍රදේශය තුළ කලින් වළ දමා සඟවා විත් තිබූ ක්‍ලේමෝ බෝම්බ ගොඩ ගත්තේය. කැසේ කරනවා යයි මෙය හඳුන්වන අතර ඉදිරි මෙහෙයුම් සඳහා සතුරු බලකොටුව තුළ අවි ආයුධ, පතොරම්, ක්‍ලේමෝ බෝම්බ, බෙහෙත් වැනි දෑ සඟවනු ලබන්නේය.

මෙහි සඟවා තැබූ කිලෝ දොළහමාරේ ක්‍ලේමෝ බෝම්බය හා කිලෝග්‍රෑම් දහයේ ක්‍ලේමෝ බෝම්බ තුන රැගෙන ආරක්ෂිත තැනකදීම ඒවායේ පිපිරවීමට යොදා ගන්නා ඩෙඩ් කෝඩ් ඇතුළු දෑ අලුතින් සවි කර ගත්තේය.
මේ සූදානම් වනුයේ ඉලක්කය ලබා ගැනීමට යාමටය. කොටින්ගේ බලකොටුවේ සිදුවන මෙම අබිරහස් මෙහෙයුම ඉතා රහසිගතව සිදුවිණි.

සියල්ල දැන් සූදානම්ය. මොවුහු ක්‍රම ක්‍රමයෙන් මාන්කුලම්, ඔඩ්ඩුසුඩාන් (ඒ-34) මාර්ගය ආසන්නයට ළං වූහ. මෙය මුලතිව් දක්වා දිවෙන ප්‍රධාන කොටි සැපයුම් මාර්ගයක් විය.
භූමිය පිළිබඳව ඇති අත්දැකීම් උපයෝගී කර ගනිමින් ඔඩ්ඩුසුඩාන්වලට කිලෝමීටර් පහක් වම් පැත්තෙන් ඉලක්කගත ප්‍රදේශය වෙත මෙම පිරිස ළඟා වූහ.

මාර්ගය අසල ක්ලෙමෝ බෝම්බ සියල්ල එකට අටවා (ක්ලෙමෝ ක්ලස්ටර්) ඉලක්කයට සූදානම් කෙරිණි.
දින අටක් තිස්සේ මහ වැසි, මර උගුල්, බාධක පරයමින් කොටි අඩවියේ රැඳී සිටි මෙම කණ්ඩායම ඉලක්කය ලැබෙනතුරු ඇසිපිය නොගසා බලා සිටින්නට වූහ. උකුස්සාගේ මෙන් තියුණු ඇස් යොමාගෙන සිටි මෙම කණ්ඩායමට කොටි නායකයකු පැමිණෙන කැබ් රථය නිරීක්ෂණය වූයේය.
එසැණින් ක්‍රියාත්මක වූ එක් සගයෙක් මහ මග අටවා තිබූ ක්‍ලේමෝ බෝම්බය කැබ් රථය ඉලක්ක කර පුපුරුවා හැරියේය.

දුෂ්කරතා මධ්‍යයේ ඉලක්කය සපුරාගත් මෙම කණ්ඩායම කිලෝමීටර් තුනක් පමණ පසුපසට පැමිණෙද්දී කැබ් රථයට ආරක්ෂාව සපයමින් පසුපසින් පැමිණි කොටි කණ්ඩායමක් එම ප්‍රදේශය වට කළහ. ඒ සමගින් කොටි කණ්ඩායම් සමග දරුණු ගැටුමක් ඇති විය. හතළිහක පමණ කොටි කණ්ඩායමක් සමග මේජර් ලලිත් ජයසිංහ ඇතුළු විරුවන් හත්දෙනා නොබියව සටන් කළහ. කුඩා කණ්ඩායමක් වුවත් මොවුන්ගේ සුවිශේෂී දක්ෂතාවන් නිසා එම වෙඩි බලයට මුහුණදීමට කොටින්ට ද අසීරු විය. කොටි ත්‍රස්තයන් එකිනෙකා මැරී වැටෙද්දී කොටින්ගේ වෙඩි ප්‍රහාරයක් මේජර් ජයසිංහගේ වම් කකු‍ලේ වැදී තුවාල විය.

එහෙත් සටන අත්නොහැර එක දිගට සටන් කළ මෙම කණ්ඩායමේ තවත් සගයෙක් සටන අතරමැද තුවාල ලැබුවේය.
මේ සමගින් ආරක්ෂිත තැනකට පසුබසින්නට මෙම කණ්ඩායම තීරණය කළේය. දින නවයක් තිස්සේ වතුරෙන් පිරී ගිය ප්‍රදේශයේ රැඳී සිටීම නිසා බූට් සපත්තු තුළට වතුර ගොස් කකුල්වල ඇඟිලි කුණු වී තිබුණෙන් ඉක්මනින් පසුබැසීම ද අසීරු විය.

ආරක්ෂිත තැනකදී මේජර් ජයසිංහට ප්‍රතිකාර ලබා දුන් අතර ඒ අතරේ මෙම පිරිස පැමිණි මාර්ගය සොයා පැමිණි කොටි කණ්ඩායම් සමග දෙවැනි වතාවටත් ගැටුම් හට ගත්තේය.
කොටි පාලන ප්‍රදේශයේ සතුරු ඉලක්ක සොයා ගොස් අභීත මෙහෙවරක් කළ මේජර් ලලිත් ජයසිංහ පපුවට එල්ල වූ වෙඩි පහරකින් දැයෙන් සමු ගත්තේ මෙම සටනේදීය.

මේජර් ලලිත් ජයසිංහගේ දේහය රැගෙන ආ මෙහෙයුම ලබන සතියට

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com