master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ආවා කල්ලියෙන් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්


2018-06-29 07:58:58 -  412 යි

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ, මුලතිව් - ශෂි කුමාර්

යාපනයේ ක්‍රියාත්මක "ආවා ගෘෘප්" කල්ලියේ සාමාජිකයන් පිරිසක් විසින් ඔවුන්ට විරුද්ධකම් පෙන්වන ලද පවුලකට අයත් යාපනයේ මනිපායි ප්‍රදේශයේ නිවෙසකට 28දා උදෑසන පෙට්රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට තිබේ.

මේ ප්‍රහාරයෙන් නිවෙස ඉදිරිපිට නතර කොට තිබූ යතුරුපැදියක් ගිනිගෙන විනාශ වී ඇති අතර නිවෙසටද අලාභ හානි සිදුව තිබේ.

පෙට්රල් බෝම්බ ප්‍රහාරය එල්ල වීමත් සමඟම විශාල ගිනි ජාලාවකින් නිවෙස ඉදිරිපිට මුළු ප්‍රදේශයම වැසී ගිය බව සිද්ධිය දුටුවෝ පොලිසියට ප්‍රකාශ කොට තිබේ.
මීට මාස 4කට පමණ ඉහතදී මේ නිවෙසේ දරුවකුව "ආවා ගෘෘප්" කල්ලිය විසින් කඩුවලින් කපා තුවාල සිදුකළ බවද යාපනයේ මණිප්පායි පොලිසිය පවසයි.

මේ අතර මණිප්පායි පොලිස් වසමේ පිහිටි ධනු රොක් කල්ලියේ සිට අත්අඩංගුවට පත්ව ඇප මත නිදහස්ව සිටි ඩිලක්ස් නමැත්තාගේ නිවෙසට අද අලුයම 5.30ට පමණ යතුරුපැදි තුනකින් 9 දෙනකු පමණ පැමිණ තියුණු ආයුධවලින් පහරදීම සිදුකොට ඇති අතර එම පහරදිමේදී ඩිලක්ස් නමැත්තා බරපතළ තුවාල ලැබූ අතරම ඩිලක්ස් නමැත්තාගේ වැඩිමල් සොහොයුරියද තුවාල ලබා රෝහල් ගත කොට ඇති බවට මාණිප්පායි පොලිසිය කියා සිටියේය.

කලක සිට ධනු රොක් කල්ලිය හා ආවා කල්ලිය අතර ගැටුමක් පවතින හෙයින් මෙම පහරදීමද ආවා කල්ලිය විසින් සිදුකරන ලද පහරදීමක් බවට සැක කරන බවත් තුවාල ලැබූ පිරිස් මේ වන විට යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර පහරදීම සිදුකළ පිරිස් සොයා පරීක්ෂණයක් ආරම්භ කළ බවටද මණිප්පායි පොලිසිය වැඩිදුරටත් කියා සිටියේය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com