www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

දියණියන්ට හදි කරන්න හොර සැමියාට ඉඩ දුන් අම්මා කෙනෙක්


2018-06-22 14:35:30 -  1459 යි

අනේ අම්මේ. අපිව දාල කොහේවත් යන්න එපා. අපිට අම්ම නැතුව ඉන්න බැ. එහෙම කළොත් අපි  තුන්දෙනාම එල්ලිලා මැරෙනවා.

සදුනි දුව අම්මාට ලිපියක් ලියා ලොකු අම්මාට ලබා දුන්නේ රෝහලේ සිටය.  ඒ ඇගේ මව කමනි ඔවුන් නිවසේ තනිකර වෙනතක ගිය බැවිනි. මේ අනුවේදනීය කතාව දිගහැරෙන්නේ එහෙයිනි.

දියණියන් දෙදෙනකුගේ මව්පියන් වන කමනිත්  චන්දනත් තම පවුල් ජීවිතය වෙහෙස මහන්සි වී ගොඩනගා ගත්තත්  සැමියා නිවසේ  මුදල් ඔට්ටුවට බුරු ගැසීමට බුරුපිටියක් පවත්වාගෙන ගියේ බිරි`දගේ වැඩි කැමැත්තක් නොමැතිවය.  දිනෙන් දින උස් මහත්වෙන දරුවන්ට එයින් සිදුවෙන අනර්ථය පිළිබ`දව ඔවුන්ට වගක් තිබුණේ නැත.  16 හැවිරිදි අමාලිත් 07 හැවිරිදි සදුනිත් තමන්ගේ පාඩුවේ පාසල් වැඩකටයුතුවල නියැලූණත් නිතර නිතර නිවසට පැමිණෙන විවිධ තරාතිරමේ පුද්ගලයින්ගේ කෑකෝ ගැසීම් හා හැසිරීම් තුළ ඔවුන්ගේ අධ්‍යාපනයට මෙන්ම නිදහසටද එල්ල වූ බාධා අපමණය.

මේ අතර චන්දනගේ මිතුරෙකු වන සාලියද මුදල් ඔට්ටුුවට බුරුවා ගැසීමට මෙම නිවසට එන්නේ චන්දනගේ වුවමනාවටය.  චන්දනට සාලියත් සාලියට චන්දනත්  නැතුවම බැරි තැනට පත් වෙන්නට වැඩි කලයක් ගත වුණේ නැත.  චන්දනගේ හිත දිනාගත් ඔහු  37 හැවිරිදි   කමනිට බැල්ම හෙළන්නට පටන් ගත්තේ ඔහුට නොදැනෙන්නටය.  ඔහුගේ අනග රුගුම් ඉවසනු නොහැකි වු තැන ඔහුට බැණ වැදි එලවා දමන්නට කමනි කටයුතු කළේ නිවසේ පවතින සාමය දෙදරා යාවි යැයි සැක සිතු නිසාය.  එහෙත් සැමියාට උවමනා වූයේ තම හිත මිතුරා නැවත නිවසට ගෙන්වා ගෙන සූදු පිටිය වැඩි දියුණු කර ගැනීමටය.   කාලය ක`‍්‍රමයෙන්  ඉදිරියට යද්දි කමනිගේ ගැහැනු සිත ඔහු කෙරෙහි ඇදි ගියේ ඔහු ඇය අල්ලා ගැනීමට නිතරම වෙර විරිය ගැනීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් විය යුතුය.  සැමියාට හොර රහසේ සාලිය සමග ඇති කර ගත් ඇසුර දින දින මෝරා වැඩෙද්දි ඔහු එම නිවසේම සාමාජිකයෙකු බවට පත් වීම අහඹුවක් නොවේ. නිවසට උවමනා අඩුවැඩිය මෙන්ම දරුවන්ට තෑගිබෝග ගෙන එන්නටද ඔහු අමතක කළේ නැත.

කටපුරා සාලිය මාමා යයි ඔහු අමතන දරුවන් ඔහුට ළෙන්ගතු වූයේ මෙම ආගන්තුක පුද්ගලයා පිළිබද තම පියාට වඩා කිසිදු වෙනසක් නොමැති බැවිනි.  පියා නොමැති අවස්ථාවලට නිවසට පැමිණෙන මාමා විසින් මව සිප වැලද ගන්නා අයුරු දරුවන් දැක තිබුණත් ඒ බව පියාට දැනුම්  දීමට ඉදිරිපත්  නොවූයේ එය සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබීම නිසා විය යුතුය.  එහෙත් අමාලිට නම්  මේ වන විට අලූත් මාමා මහා වදයක් වී තිබිණ.  ඒ ඔහු ඇය දෙසද අමුතු ආකාරයට බලන නිසාය.  ඔහුගේ හැසිරීමේ හා කතාබහේ ඇත්තේ හිතට බියක් ගෙනදෙන ආකාරයක් නිසා අමාලි නිතරම බැලූවේ ඔහු මගහැර සිටීමට වුවත් ඇයට ඔහුගෙන් ගැලවිල්ලක් නොතිබිණි.  අමාලි කාමරයේ සිටින විට ජනේලයෙන්  එබිකම් කර අනවශ්‍ය විහිඵ කරන මාමා ජංගම දුරකථනයෙන් ඡුායාරූප ගන්නා අවස්ථාද තිබිණි.  දිනක් ඇයව සිප වැල`ද ගැනීමට සැරසුණ මාමාට පිහියකින් ගසා බේරි යාමට අමාලි කටයුතු කළත් මව පවසා සිටියේ මාමා එහෙම කළාම මොකක්ද ඇති වරද කියාය.  යෞවනයේ එළිපත්තේ සිටි අමාලිගේ රූ සපුවට වහ වැටුණු මේ නරුමයා දැරිය බිලි ගැනීමට මාන බලමින්  සිටියේ මවගෙන්ද ඊට අනුබල නොඅඩුව ලැබෙන නිසාය.

ඒ පසුගිය වසරේ දිනයකි.  අමාලි රාත‍්‍රියේ කාමරයේ සිටියේ නිදා ගැනීමට සූදානම් වෙමිනි.  එකවරම කාමරයට කඩා වැදුණ නරුම මාමා ඇගේ ශරීරය ස්පර්ශ කිරීමට සැරසුණේ වියරු වැටුණ මෘගයෙක් පරිදිය.  ඒ අවස්ථාවේ කාමරයේ දොර ම`දක් අඩවල් කළ කමනි ඒ දෙස බලා සිටියේ ඔහුට  ඕනෑ දෙයක් කරගන්නට ඉඩ හැර මිස තම දියණිය මේ පාපිෂ්ඨ තිරිසනාගෙන් බේරාගැනීමට උත්සාහ නොකරමිනි.  කෙසේ හෝ දැරිය ඔහුගෙන් බේරි කාමරයෙන් එළියට පැන ගත්තේ දැඩි පරිශ‍්‍රමයකිනි.  මේ සිදුවීම් මෙසේ සිදු වෙමින් තිබියදී මේ වසරේ අප්‍රෙල් මාසයේ සෙනසුරාදා දිනක අමාලි පංති ගොස් නිවසට පැමිණෙන විට දුටුවේ මාමා හත් හැවිරිදි නැගණිය නිරුවත් කොට ඇගේ රහස් ප‍්‍රදේශයේ ඡුායාරූප ගන්නා  බවය.  තමාට සහ නැගණියට සිදුවූ අතවර අමාලි සිය පියාට පැවසීමට මැලි වී තිබුණේ පියා හා මව අතර රණ්ඩු ඇති වේ යැයි තිබු බිය නිසාය.

මේ අතර මීට  සති දෙකකට පමණ පෙර බණ්ඩාරගම පොලිසියට පැමිණි හිටපු හමුදා සෙබළෙකු වන චන්දන පැමිණිලි කර සිටියේ තම බිරිද වන කමනි අනියම් සැමියා සමග පලා ගොස් ඇති බවයි. ඉන් පසු චන්දන සහ ඥාතින් එක්ව මොරටුව ලක්ෂපතිය ප‍්‍රදේශයේ නිවසක සිටි බිරිද සහ අනියම් සැමියා අල්ලා පොලිසියට භාර දීමට කටයුතු කර තිබේ.

මට ඔය මිනිහ  ඕන නෑ.  මම යන්නෙ මෙයා එක්කම තමයි.  මට ආයි ගෙදර යන්න බෑ රාලහාමි.
කමනිගේ වදන් හමුවේ හඩා වැලපුණ දරුවන් දෙදෙනා මවට කොතෙක් ඇවිටිලි කළත් ඇය සැමියා දරුවන් අතහැර අලූත් පෙම්වතා සමග යෑමට එක පයින් සිටීම නිසා පොලිස් නිලධාරින්ට ඔවුන් සමාදාන කිරීම අසීරු විය.

හඩා වැටෙන දරුවන් සැනසීමට ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති උපොප අනුෂා හේමලාලි මහත්මිය දරුවන්ට මවක් වූවාය. දියණිවරු දෙදෙනා ඇගේ කාමරයට කැදවා ගෙන අස්වැසීමට ඇය උත්සාහ කළාය. මාමාගෙන් මේ දියණිවරුන්ට එතෙක් කලක් සිදුවුණු එ් අසික්කිත ක‍්‍රියාව එළියට එන්නේ එ්ත් එක්කමය. එ් බාල දැරිවිය අනූෂා හේමමාලිට තුරුළු වී කඳුළු වගුරවමින් එ් ගැන කියන්නට වූ නිසාය.

එ්ත් එක්කම දරුවන් වෛද්‍ය පරීක්ෂණය සඳහා කේතුමතී කාන්තා රෝහලට ඇතුළත් කරන්නට අනූෂා පියවර ගත්තාය.
ඉන්පසුව මව සහ අනියම් පුරුෂයා ද අත්අඩංගුවට ගත්තේය. එ් අයව ඉකුත් 12 දා බණ්ඩාරගම සංචාරක මහෙස්ත‍්‍රත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 19 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහෙස්ත‍්‍රාත් ජයරුවන් දිසානායක මහතා නියෝග කළේය. බන්ඩාරගම පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක වික‍්‍රමරත්න සුඵ පැමිණිලි අංශයේ ස්ථානාධිපති චන්දන නාකන්දල ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති අනුෂා හේමමාලි යන නිලධාරින් මේ පිළිබද පරික්ෂණ පැවැත්වූහ.
වී.එම්. ගමගේ මිල්ලනිය

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 15 =       

New Page 1

  2014 by www.eethalayanews.com