www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ඔඩ්ඩුසුඩාන් මෙහෙයුම: LTTE සැකකරුවන් ආයුධ හැංගූ කිලිනොච්චිය කැණීමේ සූදානමක් (update)


2018-06-22 12:27:07 -  3046 යි

කිලිනොච්චිය ප‍්‍රදේශයේ හදිසි කැණීමක් සිදුකිරීමට ආරක්ෂක අංශ සැරසෙයි.

ඒ ඔඩ්ඩුසුඩාන්හිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් විසින් ආයුධ සගවා ඇති බවට ආරක්ෂක අංශ වෙත දුන් තොරතුරකට අනුවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ත‍්‍රස්ත විමර්ශන ඒකකයට භාරදීමට කටයුතු යොදා තිබේ.

---------------------------------------------------------------

රිමෝට් බෝම්බ LTTE කොඩි ගෙනා අය සොයා ඔඩ්ඩුසුඩාන්වල දැවැන්ත මෙහෙයුමකින් 3ක් කොටු

ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ අද උදෑසන සිට ආරක්ෂක අංශ විසින් දැවැන්ත මෙහෙයුමක් අරඹා තිබිනි.

ඒ එල්ටීටීඊ කොඩි, දුරස්ථ පාලක බෝම්බ, කැලෑ ඇඳුම් ගෙන ආ සැක්කරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගැනීම සඳහා යි.

එම ප්‍රදේශයෙන් අද පෙරවරුවේ ගමන් ගත් සැක්කටයුතු ත්‍රිරෝද රථයක් පරීක්ෂා කිරීමේදී එහි සිටි සැකකරුවන් දෙදෙනකු පලාගොස් තිබේ.

රථයේ තිබී ඉහත භාණ්ඩ සොයාගෙන ඇති අතර රියදුරු පවසා ඇත්තේ අතරමගදී සැක්කරුවන් මෙම භාණ්ඩ ගෙන රියට නැඟ ඇති බවයි.

බෝම්බය ක්‍රියාත්මක කිරීමට සූදානම් කොට තිබූ බවත් මේවා කුමන අරමුණකින් කුමක් සඳහා ගෙන ආවේදැයි සොයා ඔඩ්ඩුසුඩාන්වල මෙහෙයුම් ක්‍රියාත්මක කෙරිනි.

මෙහෙයුම් අතරතුරසැකකරුවන්ගෙන් තිදෙනකු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.





  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 20 =       

New Page 1

  2014 by www.eethalayanews.com