master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

වැරදි අර්ත කථන දෙන්න එපා,ඒත් අණ, බණ දෙකම තියෙන්න ඕන ,රටට හිතකර දැඩි තීන්දු ගන්න ඕන -ගෝඨාට හිට්ලර් වගේ වෙන්න කිව්වේ ඇයි? වෙඬරුවේ උපාලි හිමියෝ පැහැදිලි කරයි


2018-06-22 08:12:33 -  557 යි

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ 69 වන ජන්ම දිනය වෙනුවෙන් පැවති පිංකමේදී ඇතැමුන් ගෝඨාභය රාජපක්ෂ මහතාව හිට්ලර්ට සමාන කර ඇති නමුත්, හිට්ලර් කෙනෙක් වී පැමිණ හෝ රට සංවර්ධනය කරන ලෙස අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමියන් කළ ප්‍රකාශය පිළිබඳ කතාබහක් ඇතිව තිබේ.

එහිදී උන් වහන්සේ පැවසුවේ  ඔබතුමා ගැන සඳහන් කරනකොට ඔබතුමා හිට්ලර් හැටියටත් හඳුන්වලා තිබුණා..ඉතින් අපි මතක් කරනවා හිට්ලර් කෙනෙක් වෙලා හරි ඇවිත් මේ රට  හදන්න කියන එක තමයි මහා සංඝරත්නය අවසාන වශයෙන් මතක් කරන්නේ.ඔබතුමා මිලිටරි පාලනයක් හරි අරගෙන ගිහින් මේක හදන්න කියලා නැවතත් මතක් කරනවා යනුවෙනි.

කෙසේ වෙතත් මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ඇතැමුන් වැරදි අර්ථකථන ලබාදීමේ උත්සහයක් ඇති බව එමිහියන් සඳහන් කරයි.හිට්ලර් යනුවෙන් පවසා තමන් එලෙස භයානක දෙයක් අදහස් නොකළ බවත්, මාධ්‍ය මගින් සම්පූර්ණ අනුශාසනාව  ප්‍රචාරය නොකළ බවත් එහිමියන් පවසයි.

එහෙම හානිකර පුද්ගලයෙක් නිර්මාණය කරන්න කියන එක නෙවෙයි කියන්නේ. රට, ජාතිය, ආගම කොයි විදියටද හැදෙන්න ඕන කියන එක තමයි අපි කියන්නේ.මේ බොදු ජනතාවට යහපතක් වෙන විදියට දැහැමෙන්, සෙමෙන් වගේම අණ, බණ දෙකම තියෙන්න ඕන. අණ කියන එක හානිකර තත්වයක් නෙවෙයි. හොඳ තීන්දු අරගෙන රටට යහපතක් වෙන්නයි ඕන," යනුවෙන්ද එමිහියන් සඳහන් කරයි.

"අපි කියන්නේ දහම පමණක් නොවෙයි, ටිකක් රටට හිතකර තීන්දු, තීරණ විදියට ගන්නවනම් හොඳයි කියන එක" යනුවෙන් වැඩිදුරටත් සඳහන් කළ එහිමියෝ බෞද්ධ භික්ෂුවක වශයෙන් තමන්ට දරුණු පාලනයක් හෝ "හිට්ලර් කෙනෙක් වෙන්න" හෝ යෝජනා කළ නොහැකි බැවින් සිය සම්පූර්ණ අනුශාසනාවේ අර්ථය වටහාගත යුතු බව සඳහන් කරයි.

  ඔබේ අදහස්
Nme - පෙරුමාල්
Message -රාජපක්ෂ බුද්ධං සරණං ගච්චාමි
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com