www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

අනුරාධපුරයේ කාන්තාවෝ 14 ක්‌ දවල්ට ආයුර්වේදයේ රෑට ගණිකා වෘත්තියේ


2018-06-21 08:00:53 -  2609 යි

අනුරාධපුර නගරයේ පෙරේදා (19 දා) සවස 5.00 සිට 8.30 දක්‌වා කාලයේදී සිදු කළ මෙහෙයුමකදී අයාලේ යන කාන්තාවන් දහ හතර දෙනකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය පවසයි. 

මේ සියලු දෙනාම අනුරාධපුර නව බස්‌නැවතුම්පොළ ප්‍රදේශය අවට පවත්වා ගෙන යන ආයුර්වේද සම්බාහන මධ්‍යස්‌ථාන හතරක සේවය කරන අය බව අනාවරණය වී ඇත.

ආයුර්වේද සම්බාහන මධ්‍යස්‌ථානවලට පැමිණෙන පිරිස අඩුවීම නිසා ඉන් ලැබෙන ආදායම ප්‍රමාණවත් නොවීම හේතුවෙන් තමන් රාත්‍රි කාලයේ ගණිකා වෘත්තියේ නිරත වී අමතර ආදායමක්‌ උපයන බව ද ඔවුන් පොලිසියට ප්‍රකාශ කොට ඇත.

මෙසේ අත්අඩංගුවට ගත් කාන්තාවෝ අවුරුදු විසි දෙකත් පනස්‌ දෙකත් අතර වයසේ පසුවෙති. ඔවුන් අනුරාධපුර, කෑගල්ල, පුත්තලම, තඹුත්තේගම, මීගමුව, පොළොන්නරුව, ගිරිතලේ මනම්පිටිය සහ කොම්පඤ්ඤවීදිය යන ප්‍රදේශවල පදිංචිකාරියන් බව පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගනු ලැබූ මෙම කාන්තාවන් ඊයේ (20 දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. අනුරාධපුර මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක සංජීව මහානාම මහතාගේ මෙහෙයවීම යටතේ දූෂණ මර්දන අංශයේ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‍ෂක ඩී. බී. අයි. ප්‍රේමරත්න මහතා ඇතුළු නිලධාරි කණ්‌ඩායමක්‌ මෙම වැටලීම සිදු කළහ.

අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 15 =       

New Page 1

  2014 by www.eethalayanews.com