master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

අසේල කපුවාගේ ගෙවත්තේදී වෙඩි තියන්න පුහුණුවෙලා


2018-06-21 07:37:35 -  624 යි

චාමර අමරසූරිය

කතරගම කිරි වෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබීමට දින කිහිපයකට පෙර මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු වන මහසෙන් දේවාලයේ හිටපු කපු මහතා වන අසේල බණ්ඩාරගේ ගෙවත්තේදී කිහිපවතාවක් වෙඩි තැබීම් පුහුණු වී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ඔහුගේ ගෙවත්තෙහි බෙලි ගසක් අසල මෙම පුහුණුවීම් සිදුකර ඇති බවට අනාවරණය වූ බව ජේ‍යෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය.

බෙලිගස අසල ඉලක්ක තබා මෙම වෙඩි තැබීම් සිදුකළ "කුරුළු" සහ "මල්ලි" යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන 18 හැවිරිදි තරුණයන් දෙදෙනා පෙර පුහුණුවීම්වල නිරතව ඇතැයිද ජේ‍යෂ්ඨ පොලිස් නිලධාරියා සඳහන් කළේය.

සැකකරුවන්ගෙන් ලද ප්‍රකාශ මත ගෙවත්තේ පිහිටි බෙලිගස පොලිස් නිලධාරීන් විසින් දැඩි පරීක්ෂාවට ලක් කර ඇති අතර එම ගසෙහි තිබූ මූනිස්සම් 11ක් සොයා ගැනීමට හැකිවූ බවද එම නිලධාරියා පැවැසීය.

විහාරාධිපති හිමියන් ඝාතනය කිරීම සඳහා මෙම පුහුණුවීම් අසේල බණ්ඩාර හිටපු කපු මහතාගේ උපදෙස් පරිදි සිදුකර ඇති බවද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
වෙඩි තැබීමේ පෙර පුහුණුවීම්වලට අසේල බණ්ඩාරට අයත් පතරොම් තුවක්කුව සහ ගල්කටස් වර්ගයේ ගිනි අවිය භාවිත කර ඇති බවද පරීක්ෂණවලදී හෙළිවී තිබේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 15 =       

New Page 1

  2014 by www.eethalayanews.com