master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

හම්බන්තොට නාවික හමුදා ජැටියෙන් චීන සමාගම කෝටි 5ක බද්දක් ඉල්ලලා


2018-06-21 07:17:04 -  385 යි

හම්බන්තොට වරාය පරිශ්‍රය තුළ නාවික හමුදාවට ඉඩකඩ සැපයීම සඳහා ඒ වෙනුවෙන්ම ඉදි කළ ජැටිය භාවිත කිරීමට හම්බන්තොට වරාය බදු ගත් චීන සමාගම මිලියන 52ක බද්දක් ගෙවන ලෙස ඉල්ලා නාවික හමුදාවට ලිඛිත දැනුම්දීමක් කර ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා 'මව්බිම'ට පැවැසීය.

හම්බන්තොට වරාය බදු දීමෙන් ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් එල්ල නොවන බව යහපාලන ආණ්ඩුව පුන පුනා පැවැසුවත් වරාය ජැටිය භාවිත කිරීම වෙනුවෙන් බිලියන 52ක බද්දක් ගෙවන ලෙස දැනුම් දීම තුළම මෙරට ජාතික ආරක්ෂාව අනතුරේ වැටී තිබෙන ආකාරය තහවුරු වන බවද මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේය.

නාවික හමුදාව යොදවා හම්බන්තොට වරායට ආරක්ෂාව ලබාදීම වෙනුවෙන් චීන සමාගම නාවික හමුදාවට බදු ගැසීම පිළිබඳව වත්මන් යහපාලන ආණ්ඩුව සමස්ත ජාතියෙන්ම සමාව ගත යුතුව තිබෙන බවද නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා වැඩිදුරටත් සඳහන් කෙළේය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 12 =       

New Page 1

  2014 by www.eethalayanews.com