master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

පොලිස් කාන්තාවන්ට පීඩා කරන සහකාර පොලිස් අධිකාරිවරයකුට වැඩ වරදින ලකුණු


2018-06-20 08:32:45 -  4064 යි

තමන් යටතේ සේවය කරන පොලිස් කාන්තාවන්ට අසභ්‍ය වචනයෙන් බැනවදිමින් හිංසාකාරී අන්දමින් කටයුතු කරන බවට සහකාර පොලිස් අධිකාරිවරයකුට එරෙහිව ලැබී ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් ආරම්භ කර ඇතැයි බස්නාහිර පළාත උතුර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය කියයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථානයක සේවය කරන පොලිස් කාන්තාවකට මෙසේ බැනවැදීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත උතුර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වෙත ලත් පැමිණිල්ලක් අනුව මෙම පරීක්‍ෂණය සහකාර පොලිස් අධිකාරිවරයකු යටතේ සිදු කෙරෙන බව ජේ‍යෂ්ඨ පොලිස් නිලධාරියකු පැවැසීය.

චෝදනාවන්ට ලක්ව ඇති මේ සහකාර පොලිස් අධිකාරිවරයා පොලිස් ස්ථාන පරීක්‍ෂාවට යන අවස්ථාවන්හිදී ඒ ඒ පොලිසිවල සේවය කරන පොලිස් කාන්තාවන්ගේ තරාතිරම පවා නොසලකා කටයුතු කරන බවත් කිසිදු හේතුවක් නැතිව බැනවදින බවටත් පොලිස් කාන්තාවෝ පවසති. ස්ථානාධිපතිවරුන්ගේ කාර්යාල වෙත කැඳවන පොලිස් කාන්තාවන් පැය ගණන් සිටුවා තබා පීඩාවට පත් කරන බවත් එසේ පොලිස් ස්ථානයකට ගිය අවස්ථාවේදී පොලිස් කාන්තාවකට බැනවැදීම සම්බන්ධයෙන් මෙසේ පැමිණිලි කර ඇතැයි එම නිලධාරියා කීය.

අදාළ පොලිස් කාන්තාව නියමිත පරිදි නිවාඩු ලබා දඹදිව වන්දනාවේ යෙදීමට අදහස් කර සිටින අයකු වන බවත් ඇයට දඹදිව වන්දනාවේ යෑමට පෙර වැඩ තහනම් කර ගෙදර යෑමට සලස්වන බව කියමින් සහකාර පොලිස් අධිකාරිවරයා බැනවැදී ඇති බවත් පැවැසේ. 'තමුසේ කා එක්කද දඹදිව යන්නේ' කියා ඇගෙන් ප්‍රශ්න කර ඇති බව මූලික පරීක්‍ෂණයේදී හෙළිවී ඇත. කිසියම් රාජකාරි අවශ්‍යතාවක් සඳහා පොලිසියට පැමිණ සිටි යුද හමුදාවේ ජේ‍යෂ්ඨ නිලධාරියකු මෙසේ බැනවදිනු අසා සිට ඇති බවත් එම නිලධාරියා මේ සහකාර පොලිස් අධිකාරිවරයාගේ හැසිරීම පිළිකුලට ලක් කර ඇති බවත් අනාවරණය වී ඇත.

මෙසේ රැකියාව අහිමි කරන බවට තර්ජනය කරමින් සහකාර පොලිස් අධිකාරිවරයා කළ ප්‍රකාශය පිළිබඳව දැනගත් පොලිස් කාත්තාවගේ සැමියා මේ පැමිණිල්ල කර ඇත. ඒ අනුව අදාළ පොලිස් කාන්තාවගෙන්ද ප්‍රකාශයක් ලබාගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර විභාගයක් 20දා (අද) කැලණිය සහකාර පොලිස් අධිකාරි කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය. මේ සිදුවීම පිළිබඳව කරුණු හෙළි කර ගැනීම සඳහා සිද්ධිය වන අවස්ථාවේ ඒ ආසන්නයේ සිටි පොලිස් පරීක්‍ෂිකාවක ඇතුළු පිරිසකගේ ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවද උසස් පොලිස් නිලධාරියා හෙළි කළේය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com