master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

වෙඩි වැදීමෙන් වෘෂණ කෝෂයට ඇතිවූ හානි නිසා දරුවකු ලැබීම අවදානම් බව වෛද්‍යවරු කීවා


2018-06-20 08:10:03 -  709 යි

මම විවාහ වීමටයි සිටින්නේ. එහෙත් මට සැකයක් තිබෙනවා විවාහ වෙලා දරුවකු ලැබීමේ වාසනාව මට තියෙයිද කියලා. වෛද්‍යවරු පැවැසුවේ දරුවකු ලැබීමේ සියයට පනහක අවදානමක් ඇති බවයි. කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සේවක සේවිකාවන් සිය වෘත්තීය අයිතිවාසිකම් දිනාගැනීම සඳහා කළ උද්ඝෝෂණයකදී පොලිසියෙන් කළ වෙඩි තැබීමේදී බරපතළ තුවාල ලැබූ අයකු එම සිද්ධිය පිළිබඳව මීගමුව මහාධිකරණයේදී පෙරේදා (18දා) පැවැති නඩු විභාගයේදී සාක්ෂි දෙමින් පැවැසීය.

මෙලෙස සාක්කි දුන්නේ කටුනායක ආයෝජන කලාපයේ සේවය කරන හීනටියන මුදියන්සේලාගේ මංගල සම්පත් කුමාර නමැති තරුණයෙකි.

පෞද්ගලික අංශයේ අර්ථසාධක අරමුදල් (ඡ්.ර්ථී.ජ්) ක්‍රමය ඉවත් කර ඒ වෙනුවට විශ්‍රාම වැටුප ක්‍රමයක් යෝජනා කර එය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළේ යැයි කියමින් එවකට පැවැති රජයට එරෙහිව කටුනායක - බියගම ආදී නිදහස් ආයෝජන කලාපවල සේවක සේවිකාවන් එක්ව විරෝධතා හා උද්ඝෝෂණ කිහිපයක් සිදුකරන ලදී. එම වකවානුවේදී සිදුවූ විරෝධතා රැල්ල රජයට පාලනය කිරීමට අපහසු වන අන්දමින් විරෝධතාකරුවෝ වීදි බැස සිටියහ.

සිය අයිතිවාසිකම් දිනාගැනීම සඳහා ආයෝජන කලාප සේවික සේවිකාවන් සිදුකළ දැවැන්තම විරෝධතාව බවට එය ඉතිහාසය ගතවේ.

වර්ෂ 2011 මැයි මස 30 දින හෝ ඊට ආසන්න දිනයකදී මීගමුව අධිකරණ බල සීමාව වන කටුනායකදී රත්නසේකර පෙරුමන්සල් ආචාරිගේ රොෂේන් චානක යන අය වෙඩි තබා ඝාතනය කිරීම දණ්ඩනීති සංග්‍රහයේ 296 වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් කර ඇති බවද හීනටියන මුදියන්සේලාගේ මංගල සම්පත් කුමාර යන අය බරපතළ තුවාල ඇතිවන සේ වෙඩි තැබීම දණ්ඩනීති සංග්‍රහයේ 300 වගන්තිය යටතේද මෙම වරද සිදුකළ බව කියන ජේ‍යෂ්ඨ පොලිස් නිලධාරීන් දෙදෙනකුට එරෙහිව නීතිපති විසින් චෝදනා ගොනුකර තිබිණි.

මෙලෙස චෝදනා ලැබ සිටියේ එවකට සීදුව පොලිසියේ ස්ථානාධිපතිව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්. රත්නායක සහ එහි පරිසර ඒකකයේ ස්ථානාධිපතිව සිටි පොලිස්
පරීක්ෂක ආර්.පී.කේ.එල්. රණසිංහ නමැති නිලධාරීන් දෙදෙනෙකි.

සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ හීනටියන මුදියන්සේලාගේ මංගල සම්පත් කුමාර නමැති අය සාක්කි දෙමින් මෙසේ පැවැසීය.

පැමිණිල්ල මෙහෙයවූ රජයේ ජේ‍යෂ්ඨ අධිනීතිඥ උදාර කරුණාතිලක මහතා සාක්කිකරුගෙන් ප්‍රශ්න ඇසූ අතර අධිනීතිඥ විශ්ව විජේසූරිය මහතාද සහාය විය.

ප්‍රශ්නය - ඔබ පදිංචි කොහේද..?
උත්තරය - පොල්පිතිගම
ප්‍ර - රැකියාවක් කරනවාද..?
උ - කටුනායක කේ.ජී. සිලෝන් ආයතනයේ රැකියාව කරනවා.
ප්‍ර - කා සමඟද ජීවත් වෙන්නේ..?
උ - අම්මා විදේශ ගතවෙලා. සහෝදරියක් සිටිනවා.
ප්‍ර - රැකියාව කරමින් පදිංචිව සිටියේ කොහේද..?
උ - කටුනායක බෝඩිං දෙකක නේවාසිකව සිටියා.
ප්‍ර - ඔබගේ ආයතනයේ නිෂ්පාදනය කරන්නේ මොනවාද..?
උ - අත්වැසුම්
ප්‍ර- ඔබගේ සේවය කුමක්ද..?
උ - යන්ත්‍රාගාරයේ සේවකයකු ලෙස වැඩ කරනවා.
ප්‍ර - ඔබ සේවය කරන කර්මාන්ත ශාලාව පිහිටා තිබෙන්නේ කොහේද..?
උ - කලාප අංක 2 ඒ.
ප්‍ර - නිහාල් මධුරංග කියන අයව ඔබ හඳුනනවාද..?
උ - ඔව් හඳුනනවා. ඔහු මා සමඟ සේවය කරන අයෙක්. මගේ ගම් ප්‍රදේශයේ පදිංචි.
ප්‍ර - ඔහු ඔබ සමඟද වැඩ කරන්නේ.
උ - මම සමඟ එකම යන්ත්‍රාගාරයේ වැඩ කරනවා.
ප්‍ර - 2011 මැයි මස 30 වැනි දින ඔබ කරදරයකට මුහුණ දුන්නද..?
උ - ඔව්.
ප්‍ර - ඒ වෙලාවේ ඔබ මධුරංගව හඳුනනවද..?
උ - සිද්ධිය වීමට මාස 4කට පෙර සිට දන්නවා.
ප්‍ර - 2011 මැයි 30දා ඇතිවුණු ප්‍රශ්නය කුමක් සඳහාද සිදුවුණේ..?
උ - ඡ්.ර්ථී.ජ්. ප්‍රශ්නය කියලා කියනවා. මම ඒ ගැන හරියට දන්නේ නැහැ. ඡ්.ර්ථී.ජ්. නැති කරනවා කියලා රජය විසින් ප්‍රකාශ කරලා තිබුණා. 30දා සිදුවුණේ ඒකට විරෝධය පෑමක්.
ප්‍ර - මේ ගැන උද්ඝෝෂණ කලාපයේ ඇති වුණාද..?
උ - 18 කණුව අසල විශාල උද්ඝෝෂණ ඇතිවුණා. මම ඒ ගැන දැනුවත්ව සිටියා.
ප්‍ර - එදින (30දා) සිදුවුණේ කුමක්ද..?
උ - සියලුම සේවකයෝ 30දා උදේ 9.30ට පමණ කර්මාන්තශාලාවෙන් එළියට ආවා.
ප්‍ර - කොපමණ වේලාවක් විරෝධතාව 30දා තිබුණද..?
උ - පැය 3 1/2ක් හතරක් පමණ.
ප්‍ර - කවුද එළියට ආවේ.?
උ - කලාප අංක 2 ඒ කට්ටිය එළියට ආවා. මමත් ඒ අය සමඟ එළියට ආවා.
ප්‍ර - ඔබලට නිල ඇඳුමක් තිබෙනවාද..?
උ - ඔව්. එකම වර්ගයේ ටී ෂර්ට් එකක් තියෙනවා දුඹුරු පාටයි.
ප්‍ර - ඔබ සමඟ ගිහාන් මධුරංගත් එළියට ආවද..?
උ - ඔව් ආවා.
ප්‍ර - ඔබලා කුමන ගේට්ටුවෙන්ද එළියට ගියේ.
උ - ගේට්ටු අංක 4න් එළියට යනවිට පෙ.ව 10.30ට 11.00ට පමණ ඇති.
ප්‍ර - සෙනඟ හිටියද..?
උ - සෙනඟ ගොඩක් හිටියා.
ප්‍ර - ඔබ ගේට්ටුවෙන් එළියට ගොස් මොනවද කළේ..?
උ - බිම වාඩිවුණා. ගිහාන් මධුරංගද මා සමඟ බිම වාඩිවුණා.
ප්‍ර - නිලධාරීන් පැමිණ ඔබට මොනවා හරි කිව්වද..?
උ - රජයෙන් ඡ්.ර්ථී.ජ්. එක අයින් කරනවා කිව්වා.
ප්‍ර - මේ වෙලාවේ මොනවද සිදුවුණේ.?
උ - විශාල තෙරපීමක් ඇතිවුණා. ඉදිරියෙන් දරුවෙක් ලැබීමට සිටින ගැබිනි සේවිකාවක් සිටියා. පොලිසියෙන් ගොඩක් කට්ටිය ඇවිල්ලා සිටියා.
ප්‍ර - පොලිසියේ අය අත මොනවද තිබුණේ...?
උ - ටී 56 තුවක්කු තිබුණා.
ප්‍ර - ඔබ මේ තුවක්කු මීට පෙර දැකලා තියෙනවද..?
උ - ඊඍ එකේදි දැකලා තියෙනවා.
ප්‍ර - පොලිස් නිලධාරීන් මොකද කළේ..?
උ - පොලිස් නිලධාරීන් අපිව තල්ලු කරනවා දැක්කා. පොලිසියෙන් අපේ ළමයින්ට ගහලා තිබුණා.
ප්‍ර - පොලිස් නිලධාරීන් දෙසට ඔබලාගේ සේවක සේවිකාවන් ගැහැව්වද..?
උ - ගල්වලින් ගහනවා දැක්කා. මොන ගල්වලින්ද ගැහැව්වේ කියලා දැක්කේ නැහැ.
ප්‍ර - වේලාව කීයට විතර ඇතිද..?
උ - 12ට පමණ ඇති.
ප්‍ර - පොලිසිය තව මොනවද කළේ..?
උ - අපට කඳුළු ගෑස් ගැහැව්වා. පොලුවලින් ගැහැව්වා. අපි දුවලා ගිහිල්ලා ක්‍රිස්ටල් මාටින් එක ළඟ නතර වුණා. ගිහාන් මාත් එක්ක ඒ වෙලාවේ හිටියා. පොලිසිය වෙඩි තියනවත් දැක්කා. වෙඩි ශබ්දයක් ආවා.
ප්‍ර - ඊට පස්සේ මොකද වුණේ..?
උ - පොලිසියේ කිහිපදෙනෙක් වෙඩි තියාගෙන අපි දෙසට ආවා. පොලිස් නිලධාරීන් තුවක්කු අපි දෙසට එල්ල කරගෙනයි සිටියේ.
ප්‍ර - පොලිසියෙන් වෙඩි තියන විට ඔබට මොකද වුණේ..?
උ - මීටර් 75ක් පමණ දුර සිට තියන ලද වෙඩිල්ලක් මට වැදුණා. මම බිම වැටුණා. මම දැක්කා මුත්‍රාශය අවට වෘෂණ කෝෂවලින් ලේ ගලනවා. මට ඒ ගැන හරියට බලන්න වෙලාවක් තිබුණේ නැහැ.
ප්‍ර - වෙඩි තියපු අය නිල ඇඳුම් දාගෙනද සිටියේ..?
උ - ඔව් යුනිෆෝම් දාගෙන සිටියා.
ප්‍ර - ඔබ වැටුණේ කොතැනද..?
උ - ක්‍රිස්ටල් මාටින් එකේ 2 වැනි ගේට්ටුව ළඟ.
ප්‍ර - ඊට පස්සේ මොකද වුණේ..?
උ - මාව ලොරියකින් පැක්ටේරියට ගෙන ගියා. ගිහාන් මධුරංගත් මා සමඟ ආවා. පැක්ටේරියේ සිට යතුරුපැදියක තබාගෙන ගොස් නැවත වාහනයකට මාව දමාගෙන මීගමුව රෝහලට ගෙන ගියා. මීගමුව රෝහලින් මාව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළා. ශල්‍යකර්ම දෙකක් කළා. මම කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිටියේ.
ප්‍ර - කොපමණ කාලයක් රෝහලේ සිටියද..?
උ - මාස 3 1/2ක් 4ක් පමණ සිටියා. මගේ
වෘෂණ කෝෂ දෙකෙන් එකක් අයින් කළා. මම විවාහ වීමටයි සිටින්නේ. දරුවෙක් ලැබීමට තිබෙන හැකියාව සියයට පනහක අවදානමක් තියෙන්නේ. තාත්තා කෙනෙක් වීමට නොහැකි වේ යැයි කියමින් සාක්කිකරු කඳුළු පිස දමන්නට විය.
ප්‍ර - මෙම සිද්ධියේදී වෙඩි වැදී මියගිය
රොෂේන් චානකව ඔබ හඳුනනවද..?
උ - ඔව් හඳුනනවා.

විත්තිය වෙනුවෙන් ජේ‍යෂ්ඨ නීතිඥවරුන් වන හර්ෂ නානායක්කාර, සුමුදු ප්‍රනාන්දු, ඉන්දික සිල්වා යන අය සමඟ නීතිඥ මහින්ද සුගතදාස, නීතිඥ නිකිණි මාපිටිගම මෙනෙවිය ඇතුළු නීතිඥවරු පෙනී සිටියහ.

 

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com