master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

කුලීකරුවන් අත්අඩංගුවට ගෙන කැණීම මෙහෙයවූ අය ඇල්ලුවේ නැති හේතුව කියන්න


2018-06-20 07:51:46 -  409 යි

සෙල්ලකතරගම ශ්‍රී වල්ලිමාතා විහාරස්ථානයේ ලෙන්ගලක් සමීපයේ පුරාවස්තු සොයමින් කැණීම් කරමින් සිටි පිරිසක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේදී මුදල් ලබාගෙන කුලියට වැඩ කළ අය අත්අඩංගුවට ගැනීමට පොලිසිය ක්‍රියාත්මක වූ අයුරින්ම ඔවුන්ට මුදල් ලබා දී වැඩ කිරීමට සැලැස්සූ අය අත්අඩංගුවට නොගත් හේතුව තිස්සමහාරාම මහෙස්ත්‍රාත්වරයා කතරගම පොලිසියෙන් විමසා තිබේ.

ඒ සෙල්ලකතරගම වල්ලිමාතා විහාරස්ථානයේ ලෙන්ගලක් හාරමින් සිටියදී අත්අඩංගුවට පත් පුද්ගලයන් පස් දෙනා පසුගියදා (18දා) තිස්සමහාරාම අධිකරණය වෙත යොමු කළ අවස්ථාවේ මෙම විමසීම කරතිබේ. පුරාවස්තු කැණීම් සිදු කොට හසු වූ මේ පිරිස විවෘත අධිකරණය වෙත යොමු කළ අතර ඒ සම්බන්ධයෙන් වන වීඩියෝ දර්ශන නැරැඹීමෙන් පසුව ප්‍රශ්න කිරීම සිදු කර ඇත.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 19 =       

New Page 1

  2014 by www.eethalayanews.com