master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

වීඩියෝ ඇමතුමකින් වෙඩි පුහුණුව ලබා ද්විත්ව ඝාතනයක් කළ අංගොඩ ලොක්කාගේ ගෝලයා මාට්ටු


2018-06-19 08:20:06 -  1292 යි

පාතාල කල්ලි නායක අංගොඩ ලොක්කාගේ ප්‍රධාන ගෝලයෙක් ගිනි අවියක්ද සමග කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලී රොෂාන් නැමැති කෝටිපති ව්‍යාපාරිකයාගේත් අතුරුගිරියේ රූපලාව්‍න්‍යාගාරයක හිමිකාරියක් වූ මංජුලා ඝාතනයේත් වෙඩික්කරුයා වන්නේ ඔහුය. අංගොඩ ලොක්කා විසින් ඉන්දියාවේ සිට ලබාදුන් නියෝගයකට අනුව එම ඝාතන දෙක තමන් විසින් කළ බව ඔහු පිළිගෙන තිබේ. මංජුලා ඝාතනය තමන්ගේ කුලුදුල් ඝාතනය බව ඔහු පවසා ඇත. තමන්ට වෙඩි තැබීමට පුහුණුව ලබාදුන්නේ අංගොඩ ලොක්කා විසින් බවද ඔහු පොලිසියට පවසා තිබේ.

ඉන්දියාවේ සිට වීඩියෝ දුරකතන ඇමතුමක් මගින් වෙඩි තැබීමේ පුහුණුව ඔහු ලබාදුන් බවද සැකරු පොලිසියට පවසා ඇත.

එසේ වෙඩි තැබීමට යොදා ගත් මිලි මීටර් 09 වර්ගයේ ගිනි අවියද පොලිසිය සොයාගෙන තිබේ. කුඩා කල ඔහු නිට්ටඹුව ප්‍රදේශයේ ළමා නිවාසයක ජීවත්වූ අයෙක් බවද පොලිස් විමර්ශන වලින් හෙලිවී ඇත.



  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com