master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

රනිල්ගේ අධීක්ෂණ තනතුරු හේෂායි චමින්දයි එපා කියති


2018-06-19 08:08:55 -  312 යි

උපතිස්ස පෙරේරා

එක්සත් ජාතික පක්‍ෂ නව ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ යටතේ එ.ජා.ප. පසුපෙළ මන්ත්‍රිවරුන්ට වගකීම්... පැවැරීම යටතේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගෙන ඇති තීරණය අනුව අමාත්‍යාංශවල අධීක්‍ෂණ මන්ත්‍රි ධුර භාර ගැනීම හේෂා විතානගේ සහ චමින්ද විජේසිරි යන එ.ජා.ප. පසුපෙළ මන්ත්‍රිවරුන් විසින් ප්‍රතික්‍ෂේප කර තිබේ.

එ.ජා.ප. ප්‍රතිසංවිධානය කිරීම යනු රාජ්‍ය, නියෝජ්‍ය ඇමැතිකම් හෝ අධීක්‍ෂණ මන්ත්‍රිකම් ලබාදී පක්‍ෂය හා පාක්‍ෂිකයන් මුහුණපා සිටින ප්‍රශ්න යටපත් කිරීම නොව එළැඹෙන මැතිවරණයකදී පක්‍ෂය ජයග්‍රහණය කළ හැකි පරිදි පක්‍ෂය ශක්තිමත් කිරීම බව ඔවුහු අවධාරණය කරති.

මේ අතර තම අමාත්‍යාංශ සඳහා පත් කරන අධීක්‍ෂණ මන්ත්‍රිවරුන්ට එම අමාත්‍යාංශ මඟින් කිසිදු දීමනාවක් ලබා නොදීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රිවරු තීරණය කර තිබේ.

නියෝජ්‍ය ඇමැති පත්වීම් පිරිනැමූ ඉකුත් 12 වැනිදා වන විට රටින් බැහැරව ගොස් සිටි එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රි බුද්ධික පතිරණ මහතා පෙරේදා (17දා) දිවයිනට පැමිණි අතර ඔහු නව නියෝජ්‍ය ඇමැති තනතුරක අද දිවුරුම් දෙනු ඇතැයි එ.ජා.ප. ආරංචිමාර්ග සඳහන් කරයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com