master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

පියා පුතාට දෙන්න අධිකරණයට උපත්පාලන කොපු ගෙනත්


2018-06-18 17:10:28 -  1215 යි

අපරාධ නඩු ගණනාවක චූදිත පුත්‍රයාට අධිකරණ ශාලාව තුළදී ජංගම දුරකථන තුනක් සහ උපත්පාලන කොපු ලබාදීමට තැත් කළ පියෙකු බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන බලන්ගොඩ පොලිසියට භාරදී ඇත. මෙසේ අත්අඩංගුවට පත්වූයේ උතුරු මුල්ලේරියාව, අංගොඩ ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙකි.

පොලිසිය විසින් කරන ලද පරීක්‍ෂණවලින් අනාවරණය වූ සිද්ධිය මෙසේය.

අපරාධ කීපයකට හසුවී විභාග වන නඩු ගණනාවකට බන්ධනාගාරගතවී දඬුවම් විඳිමින් සිටින චූදිතයා ගිනි අවි භාවිත කරමින් මහර, අම්බලන්ගොඩ, බලන්ගොඩ ආදී ප්‍රදේශවල කොල්ලකෑම් රැසක් සිදුකළ බවට චෝදනා ලැබ සිටින්නෙකි.

මෙම තැනැත්තා බැලීමට බන්ධනාගාරය වෙත කීප වරක්ම ගිය ඔහුගේ පියාට, පුතා පවසා ඇත්තේ ජංගම දුරකතන තුනක් කෙසේ හෝ ලබාදීමට කටයුතු කරන ලෙසයි. ඒ අනුව ඔහු පිටකොටුව ප්‍රදේශයෙන් ජංගම දුරකථන දෙකක් හා ස්මාට් ෆෝන් එකක් මිලදී ගෙන එය සූක්‍ෂ්ම ලෙස තම යට ඇඳුමේ රඳවාගෙන අධිකරණ ශාලාවට පැමිණ ඇත. සිරමැදිරිය තුළ සිටි සැකකාර පුතා පිටත සිටි පියාට අතින් සංඥාවක් කරන අයුරු බන්ධනාගාර නිලධාරියකු දැක තිබේ. වහාම එම පුද්ගලයා පරීක්‍ෂා කිරීමේදී ජංගම දුරකතන තුනක් සහ උපත් පාලන කොපු නවයක් යට ඇඳුමේ සඟවාගෙන තිබී සොයාගෙන තිබේ.

බන්ධනාගාර ගතව සිටින මෙම චූදිතයාගේ පියා බළන්ගොඩ මහෙස්ත්‍රාත් හා දිසා විනිසුරු දුමින්ද පී. මුදුන්කොටුව මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 28 දින දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.

බලන්ගොඩ පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පො.ප. තරංග හපුගස්වත්ත, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පො.ප. ඩී.පී. ජයකොඩි, උ.පො.ප. අමරසිංහ, පො.සැ. ගුණරත්න (20880) මහත්වරුන් පරීක්‍ෂණ මෙහෙයවති.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com