www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

යාපනයේදී පොලිසියට කඩුවලින් පහර දෙන්න ඇවිත් - පොලිසිය වෙඩි තබයි


2018-06-18 07:44:32 -  1518 යි

යාපනය මල්ලාකම් ප‍්‍රදේශයේ දී පොලිසිය සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඊයේ (17) රාත‍්‍රීයේ මෙම සිද්ධිය සිදු වුණේ මල්ලාකම් සහායමාතා දේවස්ථානයේ පැවති වාර්ෂික මංගල්‍ය අවස්ථාවේදීයි. 

රාජකාරී කටයුත්තක් සඳහා යාපනය චුන්නාකම් පොලිසියේ සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරයෙකු තෙලිප්පලේ ප‍්‍රදේශයට යමින් සිටි අවස්ථාවේ මෙම සිද්ධිය සිදු වුණා. එහිදී තෙලිප්පලේ මල්ලාකම් හංදියේදී දෙපිරිසක් කඩු පොලූ රැගෙන නොසන්සුන් ලෙස හැසිරෙන අයුරු එම පොලිස් නිලධාරීන් දැක තිබෙනවා.

ඒ අවස්ථාවේ එය සමථයකට පත් කිරීමටයි ඔවුන් උත්සහ දරා ඇත්තේ. පොලිසිය පැවසුවේ එම ස්ථානයේ සිටි පිරිසක් පොලිස් නිලධාරීන් දෙදෙනාට කඩුවලින් පහරදීමට පැමිණ ඇති බවයි. ඒ අවස්ථාවේදී එක් නිලධාරියෙකු කළ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඔහු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට පැමිණි මල්ලාකම් ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. 

මේ සම්බන්ධයෙන් ඊතලය නිවූස් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකරගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ එම ස්ථානයේ සිටි දෙපිරිස අතර නොසන්සුන් තත්වයක් හටගෙන ඇති බවට තහවුරු කළ හැකි සාක්ෂි පවතින බවයි. 

කඩුවලින් පහරදී කපා දැමූ යතුරුපැදියක් ද එහිදී සොයා ගැණුනා. එමෙන්ම කඩු පහරවලින් තුවාල ලැබූ දෙදෙනෙකු තෙලිප්පලේ රෝහලේ ප‍්‍රතිකාර ලබන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේ.

කෙසේ වෙතත් මෙම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරන්නේ තෙලිප්පලේ පොලිසියයි. 

මීට පෙර පොලිස් වෙඩි පහරකින් සරසවි සිසුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය වාර්තා වූයේ ද යාපනය චුන්නාකම් වීදියේ බව නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළා.







  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com