master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ඥාණසාර හිමිගේ ගැටලූව අද මහ නා හිමිවරුන් වෙත


2018-06-17 07:35:16 -  458 යි

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම හේතුවෙන් මතුව ඇති ගැටලූකාරී තත්ත්වයන් පිළිබඳ අද (17) දිනයේ මහ නා හිමිවරුන් දැනුවත් කිරීමට සංවිධාන කිහිපයක් කටයුතු යොදා තිබෙනවා.

මේ අතර පැපිලියාන සුනේත‍්‍රාදේවී පිරිවෙන් විහාරස්ථානයේ ඊයේ (16) පැවැති මාධ්‍ය හමුවකදි මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් කියා සිටියේ ඥානසාර හිමියන් සිරගත කිරීම හේතුවෙන් උන්වහන්සේගේ භික්ෂූත්වය අහෝසි වීමේ අවදානමක් පවතින බවයි. ඒ පිළබඳ සියලූ පාර්ශව අවදානය යොමු කළ යුතු බව ද උන් වහන්සේ පෙන්වා දුන්නා.

සිර දඬුවමකට ලක්ව සිටින ඥාණසාර හිමියන් බන්ධනාගාරය තුළ පොත් කියවීමට වැඩි වේලාවක් වෙන් කර ඇති බවයි බන්ධනාගාර ආරංචි මාර්ග පැවසුවේ. වැලිකඩ බන්ධනාගාරයේ R වාට්ටුවේ රඳවා සිටින උන්වහන්සේ කුඩා බංකුවක හිඳ බන්ධනාගාර පුස්තකාලයෙන් ලබාගෙන ඇති බෞද්ධ පොත් කියවන බවයි වැඩිදුරටත් වාර්තා වුණේ. 

එහි සිටින සෙසු සිරකරුවන් සමග සුහදව කාලය ගත කරන ඥණසාර හිිමියන්ට එම සිරකරුවන් ගිලන්පස පිළිගැන්වීම පවා සිදු කරන බවද බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණ කළා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 20 =       

New Page 1

  2014 by www.eethalayanews.com