master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

පාතාල ගෝඩ් ෆාදර් කිරුළට බෙන්තර ගඟෙන් එහා සටනක් !


2018-06-16 17:59:40 -  1202 යි

පාතාල ලෝකයේ ගෝඩ් ෆාදර්වීමට හීන දකින මාකඳුරේ මදූෂ්, කොස්ගොඩ සුජී, පොඩි ලැසී, කොස්ගොඩ තාරක හා දෙවුන්දර තමිල් ආදී පාතාල නායකයින් අතර බරපතල ගැටුම් ඇතිවී ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

කෙසේවුවද මෙලෙස සක්‍රීයම පාතාලය ක්‍රියාත්මක වන්නේ බෙන්තර ගඟෙන් එහා දකුණේ පාතලය තුළය.

දකුණේ පාතාලය ඉතිහාසය සිට ගත් කළ ඝාතනයට ලක්වූ පිරිස 500 කට වඩා අධික බවද පැවසේ.

මෙවර පළාත් පාලන මැතිවරණයෙන් කරන්දෙණිය ප්‍රාදේශීය සභාවට තේරී උප සභාපති වූ රංජිත් ඩොනල්ඩ් රණවීර මහතා ඝාතනය වන්නේද පාතාල ගැටුමක ප්‍රතිථලයක් ලෙස බව මේවන විට හෙළිව තිබේ.

මේ බිල්ල ගැනෙන්නේ දකුණේ පාතාලයේ නිතර මිනී මරාගන්නා කල්ලි දෙකක් වන කොස්ගොඩ සුජීගේ සහ කොස්ගොඩ තාරක කණ්ඩායමේ ගැටුමක ප්‍රතිඵලයක් ලෙසය.

දැනට පිටරටට පැන සිටින කොස්ගොඩ සුජී, කොස්ගොඩ තාරක සහ මියගිය ඩොනල්ඩ් යන අය කලකට පෙර මිතුරෝ බව පැවසේ.

කෙසේවුවද, කොස්ගොඩ සුජී විදේශගතවීමත් සමඟ තාරක වෙනම කණ්ඩායමක් ද සමඟ සුජීගෙන් වෙන්ව තිබේ.

තාරක, සුජීගෙන් වෙන්වීමෙන් පසුව පිරිසක් සමඟ මහ රාත්‍රියේ ගොස් සුජීගේ මාමා කෙනකු වන මහින්ද රාජාට වෙඩි තැබුවේය. එසේම ඔවුන්ගේ දරු දෙදෙනාට ද වෙඩි තැබුවේය.

මහින්ද ද හිටපු ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙකි. එම ඝාතනයෙන් පසු පිරිස මහින්ද රාජාගේ හිතවතකු සොයා ගියහ. ඔහුට වෙඩි තබා ඝාතනය කළහ.

කෙසේවුවද, එසේ ඝාතනය වූ සියලුදෙනාගේ බර පැන දැරීමට සිදුවූයේ සුජීගේ දිවට දිව ගාගෙන සිටි මිතුරු ඩොනල්ටය.

මෙහි විශේෂත්වය වන්නේ ඩොනල්ඩ් මරා දමා ඇත්තේ තාරක නොව සුජී විසින්ම වීමය.

සුජීට ඇති වූ සැකයක් මත සැලැසුම්කර ඩොනල්ඩ් මරා දමා ඒ ඝාතනය තාරක පිට පැටවීමට කටයුතු කර ඇති බව මේ වන විට පොලිසිය හෙළිකරගෙන තිබේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com