www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

බිරිඳ විරුද්ධවීම නිසා දෙදරු පියකු අනියම් බිරිඳ සමග දුම්රියට පැනලා; පිරිමියාට 54 යි කාන්තාවට 28 යි


2018-06-16 12:09:14 -  608 යි

හබරාදුව - ඒ. එල්. ඒ. ආරියරත්න - අහංගම සුගතපාල දීයගහගේ සහ ලලිත් චාමින්ද, එච්. කේ. කළුආරච්චි
 
 හබරාදුව හැඩිවත්ත දුම්රිය හරස්‌ මාර්ගයේදී (14දා) සවස යුවළක්‌ රුහුණු කුමාරි දුම්රියට පැන මියගොස්‌ ඇතැයි හබරාදුව පොලිසිය පවසයි.
 
 මෙසේ මියගොස්‌ ඇත්තේ අහංගම කුරුඳුවත්තේ පදිංචි (54) හැවිරිදි දෙදරු පියකු සහ ඇඟලුම් කම්හල් සේවිකාවක්‌ වන හබරාදුව කලුවගහවත්ත පදිංචි 28 හැවිරිදි එක්‌ දරු මවකි.
 
 මියගිය පුද්ගලයා ත්‍රිරෝද රථ රියදුරකු වූ අතර ඔහුගේ දරුවෝද විවාහ වී සිටිති. කාන්තාව මෙයට පෙර පුරුෂයන් දෙදෙනෙකු සමඟ එකට ජීවත්ව පසුව මියගිය අය සමඟ අනියම් සම්බන්ධයක්‌ පවත්වා ගෙන ගොස්‌ ඇති බවත් එයට ඔහුගේ බිරිඳ විරුද්ධ වීම නිසා ඔවුන් ලිපියක්‌ ලියා තබා දුම්රියට පැන ඇති බවත් පොලිසිය පවසයි.
 
 මියගිය දෙදෙනාගේම සිරුරු හඳුනා ගැනීමට බැරි තරමට සම්පූර්ණයෙන්ම වෙන් වී තිබිණ. මරණ පරීක්‍ෂණය කරාපිටිය රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි. හබරාදුව පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 16 =       

New Page 1

  2014 by www.eethalayanews.com