master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

12 හැවිරිදි තම එකම දියණියට අතවර කළ සිවිල් ආරක්‍ෂක භටයා වරද පිළිගනී!!!


2018-06-13 07:49:49 -  838 යි

රැකියාවක්‌ සඳහා බිරිඳ විදේශගතව සිටියදී නිවසේ තනිවූ 12 හැවිරිදි ශිෂ්‍යාවක්‌ වූ තම එකම දියණියට නිතර නිතර බරපතළ ලිංගික අතවර සිදු කිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් නරුම පියකු වූ සිවිල් ආරක්‍ෂක භටයකුට බස්‌නාහිර පළාත්බද මීගමුව මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා විසින් බරපතළ වැඩ ඇතිව දස වසරක සිර දඬුවම් ඊයේ (12 දා) නියම කළේය.
 
 ඊට අමතරව රුපියල් 7500 ක දඩ නියම කර, අතවරයට ලක්‌වූ සිය දියණියට රුපියල් 50,000 ක වන්දියක්‌ ගෙවීමට ද අධිකරණය මොහුට නියෝග කළේය. අධිකරණය හමුවේ වරද පිළිගත් විත්තිකරු වූයේ කටුනායක පොලිසියට අනුයුක්‌තව සිවිල් ආරක්‍ෂක භටයකු ලෙස සේවය කළ අයෙකි. මොහු සීදූවේ පදිංචිව සිටි අයෙකි.
 
 නඩු විභාගයේදී පැමිණිල්ලේ දේශනයෙන් අනාවරණය වූ කරුණු අනුව වරද පිළිගත් සිවිල් ආරක්‍ෂකයාගේ බිරිඳ රැකියාවක්‌ සඳහා ජොර්දානය බලා ගොස්‌ ඇත. එම අවස්‌ථාවේ එනම් 2012 වසරේ නිවසේ පදිංචිව සිට ඇත්තේ විත්තිකරුත් ඔහුගෙන් අතවරයට පත්වූ ශිෂ්‍යාවක වූ දියණිය පමණි.
 
 වින්දිත දියණිය තම පියාගෙන් වන අතවර ඔහුට ඇති බියෙන් කලක්‌ සඟවාගෙන සිට ඇත.
 
 රජයේ අධිනීතිඥ විශ්ව විඡේසූරිය මහතා පැමිණිල්ල මෙහෙයවිය. සීදූව පොලිසියේ පො.කො. (72219) ඩී. ආර්. රුවන් කුමාර මහතා පැමිණිල්ලට සහය විය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com