master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ගෙදර අය බය කරන්න මිනී පෙට්ටියක් එක්ක අවමංග සැරසිලි කලින්ම ගෙදරට ගෙනල්ලා...!


2018-06-11 11:19:33 -  804 යි

ඇතැම් පුද්ගලයින් විසින් සිදු කරන සමහර දේවල් සමාජයේ බොහෝ දෙනාගේ අවධානයට ලක්වෙනවා. ඒ වගේ තලාකොලයාය ප්‍රදේශයේ හෝටලයක්‌ පවත්වාගෙන යන අයෙකු විසින් සිදුකරන ලද අමුතු විදියේ ක්‍රියාවක් ගැන තොරතුරු වාර්තා වෙනවා.

මෙම පුද්ගලයා විසින් තම නිවසට මිනී පෙට්ටියක් සහ ඊට අවශ්‍ය උපකරණ සියල්ල  ගෙනවිත් තබා ගැනීමේ පුවතකුයි මෙලෙස වාර්තා වන්නේ. පසුගිය දිනක උදෑසන  ඔහුගේ නිවසේ මරණයක්‌ සිදු නොවී තිබියදී මිනී පෙට්‌ටියක්‌ ඇතුළු උපකරණ ගෙන එන ආකාරය අසල්වාසීන් දැක තිබෙනවා. ඒ අනුව අදාල සිදුවීම පිළිබඳ  සැකයක්‌ ඇතිවූ ප්‍රදේශවාසීන් මේ පිළිබඳ කතාකිරීමත් සමඟ එය කටින් කට පැතිර ගොස් අවසානයේ  මීරිගම පොලිස්‌ ස්ථානයටද ආරංචි වී තිබෙනවා

අනතුරුව මේ පිළිබඳ  මූලික තොරතුරු ලැබුණු මීරිගම පොලිස් ස්ථානයේ පොලිස්‌ කණ්‌ඩායමක්‌ ස්‌ථානාධිපතිවරයාගේ උපදෙස්‌ මත අදාල නිවස  සහිත හෝටලය පරීක්‌ෂා කර තිබෙනවා. එහිදී  ඔහු විසින් මිලදී ගෙන තිබූ මීනි පෙට්‌ටිය සහ ඊට අවශ්‍ය උපකරණ සොයා ගෙන තිබෙනවා. ඒ අනුව හේතුවක්‌ නැතිව මේවා තබා ගැනීම ගැන පිළිබදව ප්‍රකාශයක්‌ ලබා ගැනීමට පොලීසිය පියවර ගෙන තිබුණා.

එහිදී අදාල පුද්ගලයා ප්‍රකාශ කර තිබුන‍ේ තම පවුලේ උදවිය තමන්ට නොසැලකීම නිසා ඔවුන් බියගැන්වීම සඳහා මෙම ක්‍රියාව සිදු කල බවයි. කෙසේ වෙතත් මීනි පෙට්‌ටියක්‌ තබා ගැනීමට නීතියෙන් තහනමක්‌ නැති වුවද එය ආපසු රැගෙන යාමට පොලීසිය උපදෙස් ලබා දී තිබුණා.

වැඩිදුරටත් සිදුකල සොයා බැලීම්වලදී අනාවරණය කරගෙන තිබුණේ ඔහු මීරිගම ප්‍රදේශයේ මල් ශාලාවකට ගොස්‌ රුපියල් විසිපන් දහසක්‌ වටිනා මීනි පෙට්‌ටියත් සහ ඇත්දළ ඇතුළු සියලු සැරසිලි කොටස්‌ සහිතව අවමංගල සේවයක්‌ ලබා ගෙන,  මියගිය අයගේ දේහය  නිවසට ගෙනා විට එය පෙට්‌ටියේ තැන්පත් කරගත හැකි නිසා එම බඩු නිවසට ගෙනවිත් දෙන ලෙස ඉල්ලා ඇති  බවයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com