master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

"බලපත්‍රය අරන් දීලා තියෙන්නේ දේශපාලකයෙක්" මගීන් ඉදිරියේ රූපවාහිනියේ අසභ්‍ය දර්ශන ප්‍රචාරය කළ බස් රථයක් .!


2018-06-11 10:28:29 -  548 යි

පෞද්ගලික බස් රථයක ගමන් කරමින් සිටි මගීන් පිරිසකට මුහුණ පාන්නට සිදුවූ ඇබැද්දියක් පිළිබදව පුවතක් වාර්තා වෙනවා. ඒ මහනුවර ප්‍රදේශයෙන්.

එය මහියංගණය සිට මහනුවර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයකි. එම බස් රථයේ සවිකර තිබෙන රූපවාහිනි යන්ත්‍රයෙන් දඹදිව චාරිකාවක දර්ශන පෙලක් ප්‍රචාරය වෙමින් තිබිනි. කෙසේ වෙතත් එක් වරම එම රූපවාහිනියේ අසභ්‍ය ලිංගික දර්ශන ප්‍රචාරය වී තිබෙන්නේ බස් මගීන් සියලු දෙනා අපහසුතාවයට පත් කරමිනි.

මෙහිදි අපහසුතාවයට ලක්වූ මගීන් විසින් බසයේ කොන්දොස්තරවරයාට සහ රියදුරුට දැඩිව විරෝධය දක්වා තිබෙන බව සදහන්. පසුව අදාළ මගීන් මේ පිළිබඳව තෙල්දෙණිය පොලිස් ස්ථානයට දැනුම් දී තිබේ.

අනතුරුව තෙල්දෙණිය පොලිසිය විසින් බස් රථය සමග රියදුරු සහ කොන්දොස්තරවරයා පොලිසිය අසලදී නවතා අදාළ සිදුවීම පිළිබඳව ප්‍රශ්න කර අනතුරුව පරීක්ෂණ ආරම්භ කර තිබෙන බව සදහන්.

කෙසේ වෙතත් මෙම පෞද්ගලික බස් රථයට බලපත්‍රය ලබා දී තිබෙන්නේ දේශපාලකයෙකුගේ ඉල්ලීමට බවද වැඩිදුරටත් වාර්තා වෙනවා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com