master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

අන්ත අසරණයි.. එදා හප්පපු මවයි පියයි අදටත් ඇවිද යන්නේ කිහිලිකරු වලින් - රංගේ බණ්ඩාරගේ පුතාගේ රියදුරු බලපත්‍රය තහනම් කරනු!


2018-06-08 14:20:22 -  703 යි

රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගේ  පුත් යශෝධ රංගේ බණ්ඩා‍ර ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර  අද (08) ප්‍රකාශ කළේය.

ආරච්චිකට්ටුව ප්‍රදේශයේ කරක්කුපනය, කෝට්ටපිටිය අතුරු මාර්ගයේ බීමත්ව අධික වේගයෙන් රිය පදවා අනතුරක් සිදුකළ ඔහු ඊයේ (07) වනතුරුත් අත්අඩංගුවට ගෙන නොතිබුණි.

එහිදී ඔහු පැදවූ කැබ් රථය නිවසකට කඩා වැදීමෙන් මෙම අනතුර සිදුවිය.එහිදී  කැබ් රථයට සහ නිවසට බරපතල හානි සිදු වූ අතර යශෝධ රංගේ බණ්ඩාර ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් වී නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින අතර අත්අඩංගුවට පත්ව තිබේ .වාසනාවකට ගෙහිමියා ඇතුළු පිරිස බේරී ඇත්තේ පිටුපස කාමරයක සිටි නිසාවෙනි.

එම කැබ් රථය වාරිමාර්ග අමාත්‍යංශයට අයත්බව පැවසෙන අතර පොදු දේපළ සාවද්‍ය ලෙස පරිහරණය, බීමත්ව රිය පැදවීම අතුළු චෝදනා යටතේ සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර ප්‍රකාශ කළේය.එමෙන්ම වොඩ්කා බෝතලයට අමතරව කඩුවක්‌ විකට්‌ පොල්ලක්‌ද, බේස්‌ බෝල් පිත්තක්‌ ඇතුළු භාණ්‌ඩ කිහිපයක්ද කැබ් රිය තුළ තිබී සොයාගෙන තිබිණි.

2016 වසරේදී ඔහු ගමන් ගත් ජීප් රථයක් පාපැදියක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්විය.පසුගියදා අනතුර සිදුවූ කැබ් රථයෙන්ම 2017 අප්‍රේල් 24 දා අනතුරක් සිදුවූ අතර ඉන් එකම පවුලේ මව පියා දරුවන් දෙදෙනා බරපතල තුවාල ලැබුවේය. එහිදී ඔවුන් ගමන් ගත් යතුරු පැදිය අධික වේගයෙන් ගමන්ගත් අමාත්‍යවරයාගේ පුත්‍රයාගේ කැබ් රථයේ වැදී එම අනතුර සිදුව තිබුණි.

එම අනතුර සිදුවන අවස්ථිවේ තෙමස් ගැබිණියක් වූ අදාළ මව සහ පියා ඇතුළු දරුවන් දෙදෙනා අනතුර හේතුවෙන් වසරක පමණ කාලයක් දැඩි පීඩා විඳ තිබේ.අද වන විටත් එම මව සහ පියා ඇවිද යන්නේ කිහිලිකරුවල ආධාරයෙනි

කෙසේ වෙතත් මෙම අනතුර සම්බන්ධයෙන් විශාල කතාබහක් මතුව තිබේ.මෙතරම් අනතුරු ප්‍රමාණයක් සිදුවී තිබුණත් රංගේ බණ්ඩාරගේ පුත්‍රයා පාඩමෙක් ඉගෙන ගෙන නැති සෙයකි. කාබී විනෝද වීම මනුෂ්‍ය අයිතියකි. ඒ ගැන ප්‍රශ්නයක්‌ නැත. එහෙත් තමන්ට දැරිය නොහැකි ආකාරයට මත්වී මහ රාත්‍රියේ නිවෙස්‌ කඩා බිඳ දැමීම අනුමත කළ හැක්‌කේ කවරකුටද? මේ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න රට වඩා විමසිල්ලෙන් බලාසිටින බව සටහන් කළ යුතුය.
 
 ඇමැතිතුමාටත් සිය දේශපාලන ජීවිතය ඉදිරියට සාර්ථක කර ගැනීමට නම් මේ පුත්‍රයාගේ කල්ක්‍රියාව ගැන හොඳ අවබෝධයෙන් සිටීම ඉතා වටී. නිශාචර හැසිරීම බොහෝ විපත්වලට මුලකි. ඒ නිසා මොහුගේ රියදුරු බලපත්‍රය තහනම් කළ යුතුය.




  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com