master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

"ටික ටික මගේ හිත ගැහැනියක් වෙන්න ඕන කියන ආශාව ආවා.." - චන්දිමාල්ගේ උපන්දිනයට ඇවිත් ඇස් වශී කරගත් සංක්‍රාන්තික ලිංගික තරුණිය කියයි


2018-06-08 08:22:46 -  2197 යි

"අම්මගේ ඇදුම් හොරෙන් ඇදලා බලනවා, ලිප්ස්ටික් ගානවා.."

"මම සංචාරය කරන්න, උයන්න, නටන්න ආස කෙනෙක්.."

මේ වසරේ ලෝක සංක්‍රාන්තිය ලිංගික ලෝක රූ රැජිණ තරගය (2018 Miss Transgender Queen world ) සදහා ශ්‍රී ලංකාව නියෝජනය කළේ Noel Tokuhisa කියන ජපන් ජාතික යුවතියයි. ඇයගේ මව ශ්‍රී ලංකික කාන්තාවක් වුණත් ඇයගේ පියා ජපන් ජාතිකයෙක්. මොවුන් ජිවත් වෙන්නේ ජපානයේ  Neyagawa-shi කියන නගරයේ. ඉපදුනේ හැදී වැඩුණේ ජපානයේ  Osaka වල. ඒ  පිරිමි දරුවෙක් විදිහට. නමුත් ඔහු ඇය බවට පත් වෙන්න හිතින් හීන දැක්ක කෙනෙක්. ඒ හීනය වයස අවුරුදු 17ක් වෙද්දී ඉටු කරගන්න පිරිමි ශරීරයට හැකියාව ලැබෙනවා.

මම පුංචි කාලේ ඉදලා ගැහැණු ඇයට කැමතියි. කන්නාඩිය ලගට ගිහින් හැඩ බලනවා. අම්මගේ ඇදුම් හොරෙන් ඇදලා බලනවා. ඒ විදිහට ටික ටික මගේ හිත ගැහැනියක් වෙන්න ඕන කියන ආශාව එනවා. මම පිරිමි ළමයෙක් වුණාට සෙල්ලම් කරන්නේ ගැහැණු ළමයි එක්ක. තේරෙනකොට මට ඕන වුණා මේ ශරීරය ගැහැනියක් කරගන්න. ඒ දේ කොහොම හරි කරගන්නවා. මම දැන් ලිංගික සංක්‍රන්තිකයෙක්. බොහෝ කාලයක් ඉදලා මම නිදහසේ ගමන් බිමන් යන්න විනෝද වෙන්න සංචාරය කරන්න, උයන්න, නටන්න ආසා  වුණා. මගේ ජිවිතේ වුණේ ඒ දේවල්. අම්මාගේ ලිප්ස්ටික් අරගෙන තොල් පාට කළා. එතකොට මට හැගීමක් ආවා මම නිරුපිකාවක් වෙනවා කියලා. මේ වෙනකොට ඒ හීනයත් සැබෑ කරගෙන ඉවරයි. මම ලංකාවට එන්නේ 2018 Miss Transgender Queen world සදහා ලංකාව නියෝජනය කරන්න. මොකද මගේ අම්මා ලංකාවේ කෙනෙක්නෙ. මම ඉගෙන ගත්තෙත් ලංකාවේ නුගේගොඩ ප්‍රසිද්ධ පිරිමි පාසලකින්. කොහොම නමුත් මම දැන් සතුටින් ඉන්නවා. දැන් මම පදිංචි වෙලා ඉන්නේ ජපානයේ..


  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 19 =       

New Page 1

  2014 by www.eethalayanews.com