master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

පොලීසියෙන් කට්ටි පැන්න රංගේ බණ්ඩාරගේ පුත‍්‍රයා අත්අඩංගුවට


2018-06-08 07:52:27 -  502 යි

බීමත්ව රිය පදවා අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගෙ බණ්ඩාරගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර අද (08) අළුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ශී‍්‍ර ජයවර්ධනපුර රෝහලේදීයි. රිය අනතුරෙන් තුවාල ලැබූ ඔහු හලාවත රෝහලට ඇතුළත් කෙරුණු අතර පසුව කොළඹ ජාතික රෝහලට මාරු කෙරුණා. 

පසුව ඔහු සිය කැමැත්තෙන් රෝහලෙන් පිටව ගොස් තිබූ අතර ඒ වනවිටත් රාජ්‍ය අමාත්‍ය රංගේ බණ්ඩාරගේ පුත‍්‍රයා අත්අඩංගුවට ගෙන තිබුණේ නැහැ. මෙම අනතුර සිදුව තිබුණේ ආරච්චිකට්ටුව පොලිස් වසමේ කෝට්ටපිටිය හංදියේදීයි. රිය අනතුර සිදුවන අවස්ථාවේ ඔහු සතුව තිබූ කඩුවක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. 

රාජ්‍ය අමාත්‍ය පාලිත රංගෙ බණ්ඩාරගේ පුත‍්‍රයා මෙලෙස පදවා ඇත්තේ අමාත්‍යංශයකට අයත් කැබ් රථයක්.  එහි වේගය පාලනය කරගත නොහැකි වීමෙන් කැබ් රථය මාර්ගයෙන් ඉවතට ධාවනය වී අසල පිහිටි නිවසක ගැටී මෙම අනතුර සිදුව තිබුණා. 

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com