master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

පාලිත රංගේ බණ්ඩාරගේ පුතා ඉන්න තැන මෙන්න


2018-06-07 15:20:32 -  1023 යි

බීමත්ව රිය පදවා අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගේ පුත‍්‍රයා මේ වනවිට ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලේ ප‍්‍රතිකාර ලබන බව වාර්තා වනවා. ඒ, ඊතලය නිවුස් කළ සොයා බැලීමකදීයි.

ඔහුමේ වනවිට රෝහලේ 18 වන වාට්ටුවේ ප‍්‍රතිකාර ලබනවා.

රිය අනතුරින් තුවාල ලැබූ රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත‍්‍රයා හලාවත රෝහලට ඊයේ (06) ඇතුළත් කෙරුණා. පසුව ඔහු මාරුකර යැවුණේ කොළඹ ජාතික රෝහල වෙතටයි. එහිදී ඊයේ පස්වරුවේ සිය කැමැත්තෙන් රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත‍්‍රයා නික්ම ගොස් තිබුණා.

අද (07) පෙරවරුව වනතෙක් ඔහු සිටින ස්ථානයක් අනාවරණ වුණේ නැහැ. ඊතලය නිවුස් කළ විමසීමකදී ආරච්චිකට්ටුව පොලිසියේ ස්ථානාධිපතිවරයා තහවුරු කළේ රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත‍්‍රයා ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් වී ඇති බවයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් හලාවත අධිකරණයට අද දිනයේ කරුණු වාර්තා කරන බව ආරච්චිකට්ටුව පොලිසිය පැවසුවා. රිය අනතුර හේතුවෙන් අගතියට පත් පාර්ශ්වයෙන් ද ලද පැමිණිල්ල මත පරීක්ෂණ ක‍්‍රියාත්මක බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

හලාවත - පුත්තලම ප‍්‍රධාන මාර්ගයේ බංගදෙණිය ප‍්‍රදේශයේදී ඔහු පැදවූ අමාත්‍යංශයකට අයත් කැබ් රථයක් ඊයේ අලූයම අනතුරකට ලක් වුණා. ඒ, වේගය පාලනය කරගත නොහැකි වීමෙන් කැබ් රථය මාර්ගයෙන් ඉවතට ධාවනය වීමෙන්. පසුව කැබ් රථය අසල පිහිටි නිවසක් තුළට කඩා වැදුණා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com