master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

වසංගත රෝග විද්‍යා අංශය දකුණේදී අක්‍රිය වෙලා


2018-06-07 07:57:00 -  272 යි

ගන්දර - නිලුකා හේරත්

"අද දකුණේ මාරාන්තික උණ රෝගයක් ක්‍රියාත්මක වෙනවා. දකුණේ එකම රෝහලකටවත් සෞඛ්‍ය ඇමැති මේ වන තෙක් ඇවිත් නෑ. රටේ දරුවන් මැරෙනවා නම් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මොන තනතුරු තිබුණත් වැඩක් නැයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කංචන විජේසේකර මහතා පැවැසීය.

පැතිර යන උණ රෝගය සම්බන්ධයෙන් ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳ දැනුවත් කිරීම සදහා මාතර නූපේ පක්ෂ කාර්යාලයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් එලෙස පැවසූ මන්ත්‍රිවරයා වැඩිදුරටත් මෙසේද කීවේය.

අද සෞඛ්‍ය අංශ මත ගැටුම්වලට මුවාවී මේ ප්‍රශ්නයෙන් වහංවෙලා ඉන්නවා. වසංගත රෝග විද්‍යා අංශය දකුණේදී අක්‍රියවෙලා නිසා රෝගයට හේතුවක් සොයාගන්න බැරිවුණා. අද සෞඛ්‍ය ඇමැතිවරයා පමණක් නොවෙයි පළාත් සෞඛ්‍ය ඇමැතිවරයා කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන සිටිනවා.

අද ජනතාවට රෝගය පිළිබඳ හා රෝගයෙන් මියයන පිරිස පිළිබඳ හරි තොරතුරක් සෞඛ්‍ය අංශ ලබාදෙන්නේ නෑ. එහෙම කරන්නේ ඇයි. ජනතාවට හරි තොරතුරු දී මේ තත්ත්වය අවබෝධ වන්නට ඉඩ සැලසිය යුතුයි. එසේ නැතිව හරි තොරතුරු හංගාගෙන සිටීමෙන් ඇති පලේ කුමක්ද?

අද මාතර මාධ්‍යවේදියෝ සංවිධානය වගකිවයුත්තන්ගේ ඇස් අරවන්න ක්‍රියා කිරීම පිළිබඳ මම ස්තුතිවන්ත වෙනවා. ඒ වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ග වෙනුවෙන් අප ඒකාබද්ධ විපක්ෂයේ දිස්ත්‍රික් අරමුදලින් හා මාතර දිස්ත්‍රික් පෙරපාසල් සංගමය හා එක්වී යම් ප්‍රතිපාදනයක් දීමට ක්‍රියා කරනවා. අපි හොඳ දේ හැමදාම අගය කළා සේම හොඳදේ වෙනුවෙන් අතහිත දෙනවා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com