master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

Exclusive : ඇලෝසියස්ගෙන් වාර්තාගත මුදලක් ගත්ත එජාප ඇමති මාට්ටුයි.. ලයිස්තුව හංගන්නයි ජනපතිට වැද වැටේ..


2018-06-07 07:38:56 -  1651 යි

බැදුම්කර වංචාව සම්බන්දයෙන් මේ වන විට රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින හිමිකරු අර්ජුන් අලෝසියස්ගේ හිමිකාරීත්වයෙන් යුත් පර්පෙච්චුවල් ට‍්‍රෂරීස් සමාගමට සම්බන්ධ ආයතනවලින් මුදල් ලබාගත් නාම ලේඛණය ප‍්‍රසිද්ධ කල යුතුය යන ස්ථාවරයේ එජාප නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ හා ආමති මලික් සමරවික‍්‍රම සිටින්නේ යයි වාර්තා පල වෙයි.

මීට හේතුව සේ සැලකෙන්නේ අදාල නාම ලේඛණයේ ඔවුන් දෙදෙනාගේම නම් නොමැති වීම යයිද අන්තර්ජාලයේ මාධ්‍ය වාර්තාවන්හි දැක්වෙයි.

එජාප නායකයාගේ මෙම ස්ථාවරය ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට දන්වා ඇති අතර එහිදී ජනාධිපතිවරයා සදහන් කර ඇත්තේ මෙම නාම ලේඛණය ප‍්‍රසිද්ද නොකරන්නැයි එජාප වෙනත් ප‍්‍රබලයෙක් නිතර තමනට ඇවිටිලි කරන බවයි.

මීට හේතුව වී ඇත්තේ ඇලෝසියස්ගෙන් වැඩිම මුදල් ප‍්‍රමාණය ගෙන ඇත්තේ ගම්මට්ටම් බිම් මට්ටම් සමග සිටින මෙම එජාප ප‍්‍රබලයා විසින් යයි මෑතකදී එජාපයේ ඉහල පුටුවකට පත්වූවෙකු සදහන් කර ඇතැයිද සදහන්ය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com