master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

දකුණේ වෛරසය තවත් පළාතකට පැතිරීමේ අවදානමක් - සියලු රෝහල් සූදානම් කෙරේ


2018-06-07 07:22:45 -  647 යි

දකුණු පළාතේ පැතිර යන ඉන්ෆ්ලූවෙන්සා වෛරසය තවත් පළාතක පැතිර යෑමේ අවදානමක් මතුව තිබෙනවා.

ඒ සබරගමුව පළාතේ බවයි වාර්තා වෙන්නේ. අවදානම සලකා සියලූ රෝහල් සීරුවෙන් තැබීමට පියවර ගෙන ඇතැයි සබරගමුව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල කන්නන්ගර සඳහන් කළා. 

ඉන්ෆ්ලූවෙන්සා වෛරසය වැළඳුණු කිහිපදෙනෙකු සබරගමුව පළාතෙන් වාර්තා වී ඇති බව ද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා නෙත් නිවුස් වෙත කියා සිටියා. 

මේ අතර දකුණු පළාතෙන් ඉන්ෆ්ලූවෙන්සා වෛරසයට ගොදුරු වූ රෝගීන් වාර්තාවීම අඩුවී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා.

කරාපිටිය ශික්ෂණ රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා. වසංගත රෝග විශේෂඥයින් ක‍්‍රම කිහිපයක් ඔස්සේ ඉන්ෆ්ලූවෙන්සා තත්ත්වය නිගමනය කරන බවයි මෙහිදී පැහැදිලි කෙරුණේ. එමගින් කිසියම් ප‍්‍රදේශයක රෝගය වැඩි වන්නේ නම් එය හඳුනාගත හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com