master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

නැටුම් ඉගෙන ගන්න පැමිණි කුඩා දැරියන්ට ගුරා අතවර කරලා


2018-06-06 11:10:30 -  550 යි

බිංගිරිය -බෝවත්ත ප්‍රදේශයේ ආයතනයක සේවය කරමින් සිටියදීම පාසල් දරුවන්ට අමතර නැටුම් පන්ති පැවැත් වූ 36 හැවිරිදි අයකු කාලයක්‌ තිස්‌සේ අවුරුදු 12 හා 13 වයසේ දරුවන් තිදෙනකු ලිංගික අපයෝජනය සඳහා යොදා ගැනීම පිළිබඳ බිංගිරිය පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.
 
 මෙම පාසල් දරුවන් හලාවත මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් අපයෝජනයට ලක්‌ව ඇති බවට තහවුරු වී ඇත.
 
 සැකකරු හෙට්‌ටිපොල මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 14 ක්‌ රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරනු ලැබීය. 
 
 බිංගිරිය ළමා හා කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපති, කා. පො. ප. දමයන්ති මහත්මියගේ මෙහෙයවීමෙන් කා. පො. කො. (2552) ශ්‍යාමලී මහත්මිය ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ සිදු කරති.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
13 + 12 =       

New Page 1

  2014 by www.eethalayanews.com