www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

වෛද්‍ය සැමියාත් එම රෝහලේම සිටියදී 44 හැවිරිදි වෛද්‍ය බිරිඳ එකම රෝහලේ බාල වයස්‌ වෛද්‍යවරයකු සමග පෙමින් බැඳිලා!!!


2018-06-06 10:05:08 -  971 යි

ගම්පොළ - සුරංග දිල්හාන් 
 
 තම වෛද්‍ය බිරිඳ අනියම් වෛද්‍ය පෙම්වතා සමග මෝටර් රථයකින් ගමන් කරනවා දුටු වෛද්‍ය සැමියකු ඔහු ගමන් ගත් මෝටර් රථයෙන් එම යුවළ ගමන් ගත් මෝටර් රථයේ හප්පා අනියම් වෛද්‍ය පෙම්වතාට මරණ තර්ජනය කළැයි නාවලපිටිය මහෙස්‌ත්‍රාත් ශ්‍රීනිත් විඡේසේකර මහතා සැකකාර වෛද්‍ය වරයාට රුපියල් දසදහසක මුදල් ඇප හා රුපියල් ලක්‌ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක්‌ නියම කරනු ලැබීය. 
 
 මෙම අනියම් පෙම් පළහිලව්ව ප්‍රදේශයේ මහ රෝහලකින් වාර්තා වූ අතර මෙම වෛද්‍යවරු තිදෙනාම එම රෝහලේ සේවය කරන අය වෙති.
 
 මෙම රෝහලේ දීර්ඝ කාලයක්‌ සේවය කරන 47 හැවිරිදි වෛද්‍යවරයාගේ 44 හැවිරිදි බිරිඳ මෙසේ එම රෝහලේ අවිවාහක බාල වයස්‌ වෛද්‍යවරයකු සමග අනියම් පෙමක්‌ ගොඩනගාගෙන තිබේ. 
 
 මේ සම්බන්ධයෙන් වෛද්‍යවරුන් තිදෙනා අතර වරින් වර ඇතිවූ ආරවුල් කිහිපයක්‌ නාවලපිටිය පොලිසියේද සටහන් වී තිබිණි.
 
 කෙසේ නමුත් මෙම වෛද්‍ය බිරිඳ තම වැඩිවියට පත් දියණියන් දෙදෙනා හා 13 හැවිරිදි බාල පුතුද අමතක කර අනියම් වෛද්‍ය පෙම්වතා සමග වැඩි ඇසුරක්‌ දක්‌වා ඇති අතර පසුගිය සිකුරාදා මෙම වෛද්‍ය බිරිඳ ඇගේ අනියම් පෙම්වතා සමග මෝටර් රියේ යමින් සිටියදී මෙම ආරවුල හටගෙන ඇත.
 
 නාවලපිටිය පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්‌ෂණ පවත්වා නාවලපිටිය අධිකරණය වෙත කරුණු වාර්තා කොට තිබිණි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com