master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

වෙලේ සුදා ගේ නංගි දිවයින කන්තෝරුවට


2018-06-03 09:01:06 -  1553 යි

මුදල් විශුද්ධිකරණ පනත යටතේ නඩු පවරා බන්ධනාගාරගත කර සිටින ගම්පොල විදානලාගේ දොන් වසන්ත කුමාර නොහොත්, වෙලේ සුදා නමැත්තාගේ නැගණිය පසුගිය දිනක දිවයින පුවත්පත් කාර්‍යාලයට පැමිණි බව එම පුවත්පතට සම්බන්ධ ප්‍රකාශකයෙකු පැවසීය.

හදිසියේම දිවයින පුවත්පත් කාර්‍යාලයට පැමිණි වෙලේ  සුදාගේ නැගණිය, එහි සේවය කරන සමන් ගමගේ නමැති මාධ්‍යවේදියා හමුවී දීර්ඝ වේලාවක් සුහද කතාබහක නිරතවී සිටි නමුත්, ඔවුන් දෙදෙනා අතර පැවැති කතා බහට පාදක වූ කරුණු මොනවාද යන්න අදාල මාධ්‍යවේදියා විසින් දිවයින පුවත්පතේ කතෘ මණ්ඩලයට හෝ වෙනත් කිසිවෙකුට හෝ මෙතෙක් අනාවරණය කර නොමැති බවද, එම ප්‍රකාශකයා තව දුරටත් පැවසීය.

වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන , පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මේවන විට වැලිකඩ බන්ධනාගාර ගත කර සිටින අතර, ඔහු මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව කටයුතු කළ මහා වීරයෙකු ලෙස හුවා දක්වමින්, ඔහුව අත් අඩංගුවට පත් කිරීම ජාතික අපරාධයක් බවට ඇඟවෙන පරිදි ප්‍රවෘත්ති හා ලිපි ගණනාවක්ම ලියා පළ කර ඇත්තේ මෙම මාධ්‍යවේදියා බව අදාල ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටී.

වැලිකඩ ඝාතනයේ ප්‍රධාන සැකකරු සමඟ, එම ඝාතනයට සම්බන්ධ බවට හෙළිදරව් වූ මැගසින් බන්ධනාගාරයේ එවකට සිටි අධිකාරීවරයා වූ එමිල් රංජන් ළමාහේවා යන අයද මේ වනවිට බන්ධනාගාරගතව සිටි.

වැලිකඩ ඝාතනයේ ප්‍රධාන සැකකරු වූ නියෝමාල් රංගජීව හමුවීමට දිවයින පුවත් පතේ මාධ්‍යවේදී සමන් ගමගේ මේ වන විට වැලිකඩ බන්ධනාගාරයට සිව් වතාවක් පැමිණි බවත්, මෙවැනි අවස්ථාවක් සාමාන්‍යයෙන් ලබා දෙන්නේ පවුලේ ඥාතීන්ට හා දේශපානඥයන්ට පමණක් බවත් බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කර සිටී.

මෙම ඝාතන සිද්ධියේ සැකකරුවකු වන හිටපු බන්ධනාගාර අධිකාරී එමිල් රංජන් ළමාහේවා වෙනුවෙන් පෙනී සිටින නීතීඥ  ශවේන්ද්‍ර ප්‍රනාන්දු, ඉතා නුදුරේදීම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන වෙලේසුදා වෙනුවෙන් පෙනීසිටීමට නියමිතව ඇතැයි ද නීති ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග අනාවරණය කරයි.

මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙකු වන වෙලේ සුදා වෙනුවෙන් පෙනී සිටීමට නියමිත නීතීඥවරයා, සිරකරුවන් ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවන් වන බන්ධනාගාර කොමසාරිස්වරයෙකු එමිල් රංජන් ළමාහේවා සහ මත්ද්‍රව්‍ය නාශක කාර්‍යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව වෙනුවෙන් පෙනී සිටින බව පවසන එකී ආරංචි මාර්ග , අදාල නීතීඥ ගාස්තු සියල්ල ගෙවනු ලබන්නේ වෙලේ සුදා විසින් බවද කියා සිටී.

වෙලේ සුදා අත් අඩංගුවට ගත් අවස්ථාවේදී ඔහු සිදු කළ ප්‍රකාශ වල මත්කුඩු ජාවාරම හා බැඳුණු එවකට බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙකු ගැන සහ හිටපු පොලිස්පතිවරයෙකු ගැන සඳහන්ව තිබුණ ද ඒ පුද්ගලයන් අත් අඩංගුවට ගැනීමක් සිදු නොවිණි.

මත්ද්‍රව්‍ය ලඟ තබා ගැනීමේ වරදක් වෙනුවෙන් වෙලේ සුදා ට එරෙහිව පවරා තිබූ නඩුවකින් වෙලේසුදා පසුගිය දිනකදී නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය කටයුතු කර ඇති තත්ත්වයක් තුළ , වෙලේ සුදා ගේ නැගණිය හදිසියේම දිවයින පුවත්පත් කාර්‍යාලයට ගොඩවී සමන් ගමගේ මාධ්‍යවේදියා මුණගැසී ඇත්තේ කුමන හේතුවක් නිසා ද යන්න පැහැදිලි නැතත්, අදාල මාධ්‍යවේදියා විසින් ඉදිරියේදී ලියා පලකරන ප්‍රවෘත්ති හා ලිපි මඟින් ඒකී රහස හෙළිකර ගැනීමට හැකිවනු ඇතැයි තමන් විශ්වාස කරන බවද දිවයින පුවත්පතේ ප්‍රකාශකයා පැවසීය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
13 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com