master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

එල්ටීටීඊය සතු රුපියල් කෝටි 1500 ක දේපළ රාජසන්තකයි


2018-06-03 08:09:14 -  610 යි

කොටි සංවිධානය සතු රුපියල් කෝටි 1500 ක වත්කම් සහ දේපල රාජසන්තක කර ඇත.
 
 මෙලෙස රාජසන්තක කළ දේපල අතර කටුනායක ගුවන්තොටුපළ අසල පිහිටි ඉඩම, වැල්ලවත්තේ සුවිසල් මහල් සංකීර්ණයන් කොළඹ ජම්පටා වීදියේ නවීනතම මුද්‍රණාලයක්‌, කුරුඳුවත්තේ පිහිටි ඉඩමක්‌, බෝට්‌ටු රැසක්‌ සහ බැංකු ගිණුම් පහක්‌ද වේ.
 
 ත්‍රස්‌ත මර්දන අංශය මේ වනවිට සොයාගෙන ඇත්තේ මෙම වත්කම් පමණි.
 
 රජයේ සහ පුද්ගලික බැංකු කීපයක මෙම කොටි ගිණුම් පවත්වාගෙන ගොස්‌ තිබුණි.
 
 මෙයට අමතරව පුද්ගලික නම් රැසකින් කොටි වත්කම් හා දේපළ රැසක්‌ ඇති බවට වාර්තා වුවත් මෙතෙක්‌ ඊට අදාළ තොරතුරු සොයාගෙන නැත.
 
 කොටින්ගේ මෙම මෙරට වත්කම්වලට අමතරව කොටි ජාත්‍යන්තර ජාලයට සම්බන්ධ ඩොලර් මිලියන පහක්‌ ජිනීවා නුවර ප්‍රකට බැංකුවක ඇති අතර කැනඩාවේ කොටි ව්‍යාපාර 170 ක්‌ තවදුරටත් ක්‍රියාත්මක වන බව අනාවරණය වී ඇත.
 
 මින් එක්‌ විශාල ව්‍යාපාරයක්‌ වූ චාමු කේටරින් කොටි දේශපාලන නායකයා වූ තමිල් සෙල්වම් සතු බවත්, එය ඔහුගේ බිරිය වූ සසිරේඛාට ලබාදීම වත්මන් කළමනාකාරිත්වය ප්‍රතික්‌ෂේප කර තිබේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com