master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ලංකාවේ යුද උපකරණ 63ක් චෙක් රටට


2018-06-02 07:59:58 -  691 යි

අතිරික්ත යුද්ධෝපකරණ නිෂ්කාශනය කිරීම සඳහා රජය ගෙන ඇති පියවර අනුව ඇමෙරිකන් ඩොලර් 55,995,534.00 මුදලකට එම යුද්ධෝපකරණ 63ක් ලබාදීමට තීරණය කර තිබේ.ඒ අනුව අදාළ යුද්ධෝපකරණ අයිතම 63ක් චෙක් ජනරජයේ 'ඉඊඍ ට්පධභන' ආයතනය වෙත ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇති බවද වාර්තා වෙයි.

මෙවැනි අතිරික්ත යුද්ධෝපකරණ රාශියක් තවදුරටත් ඇති බැවින් එම උපකරණ නිෂ්කාශනය කිරීම සඳහා නැවත වරක් මිල ගණන් කැඳවන ලෙස රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට උපදෙස් ලබා දී තිබේ.

මේ අතර ඉහත ක්‍රියාවලිය සිදුකළ මෙහෙයුම් කමිටුව විසුරුවා හැරීමටත්, ත්‍රිවිධ හමුදාව වෙතින් අතිරික්ත යුද්ධෝපකරණ සඳහා වන ලැයිස්තුවක් ලබාගෙන ප්‍රසම්පාදන මාර්ගෝපදේශක සංග්‍රහයට අනුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව මඟින් ඉදිරි ප්‍රසම්පාදන කටයුතු සිදුකරන ලෙසද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වැඩිදුරටත් අමාත්‍ය මණ්ඩලය වෙත දන්වා ඇත.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 20 =       

New Page 1

  2014 by www.eethalayanews.com