master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මනෝජ් මෙන්ඩිස් ඝාතනය කල පොඩි ලැසීට ඇප


2018-06-02 07:53:44 -  586 යි

රත්ගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මනෝජ් මෙන්ඩිස් මහතාට වෙඩිතබා ඝාතනය කොට තවත් අයකුට බරපතළ තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අරුමා හන්දි ජනිත් මදුසංක හෙවත් පොඩි ලැසී නමැති සැකකරු රුපියල් දස ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ විසිපහ බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදාහරින ලෙස දකුණු පළාත්බද ගාල්ල මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා පෙරේදා (1දා) නියෝග කළේය.

සැකකරුට දැඩි ඇප කොන්දේසි පැනවූ මහාධිකරණ විනිසුරුවරයා ශරීර ඇපකරුවන් තිදෙනාගෙන් එක් අයකු රජයේ සේවකයකු විය යුතු බවටත් සෑම සතියකම අවසන් ඉරිදා හික්කඩුව පොලිසියට වාර්තා කරන ලෙසත් නියෝග කළේය. සැකකරු විසින් ඉදිරිපත් කර තිබූ ඇප අයැදුම්පතක් සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා සැකකරුට මෙසේ ඇප නියම කරනු ලැබීය.

හික්කඩුව පොලිස් වසමේ වෑවලදී 2015 මාර්තු මස 23 වැනි දින රත්ගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මනෝජ් මෙන්ඩිස් මහතාට වෙඩි තබා ඝාතනය කොට කලුමිත් සනත් වසන්ත නමැති අයට බරපතළ තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව නඩු පවරා ඇත.මෙලෙස ඇප ලැබුණද අම්බලන්ගොඩ 2016 වසරේ සිදු කරන ලද ත්‍රිත්ව මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව බළපිටිය මහාධිකරණයේ විභාග වන නඩුවක් හේතුවෙන්. ඔහු තවමත් රක්ෂිත බන්ධනාගාරයේ පසු වෙයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 15 =       

New Page 1

  2014 by www.eethalayanews.com