master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මහසෝන් බළකායේ නිර්මාතෘට පහරදුන් ඔෟෂධ සංයෝජක අත්අඩංගුවට



2018-05-31 08:29:53 -  955 යි

මහනුවර දිගන හා තෙල්දෙණියේ සිදුවූ කෝලාහල සිද්ධීන්ට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගෙන අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මහසෝන් බළකායේ නිර්මාතෘ අමිත් ජීවන්ත වීරසිංහ මහතාට බන්ධනාගාර ඔෟෂධාලයේදී පහරදුන් බව කියන ඔෟෂධ සංයෝජකවරයා ඊයේ (30දා) අනුරාධපුර මූලස්ථාන පොලිසියට භාරවීමෙන් අනතුරුව විවිධ පැමිණිලි අංශය මඟින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ මහතාගේ බිරිය විසින් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයට පසුගියදා කළ පැමිණිල්ලක් මත කළ විමර්ශනවලින් අනතුරුව ඔෟෂධ සංයෝජකවරයා පහරදීම සිදුකර තිබෙන බවට පොලිසිය තහවුරු කරගෙන අත්අඩංගුවට ගැනීම සිදුකර තිබිණි.

පසුගිය 24 වැනිදා දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මහසෝන් බළකායේ අමිත් වීරසිංහ මහතා සුළු අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ගැනීම සඳහා බන්ධනාගාර රෝහලේ බාහිර ප්‍රතිකාර ඒකකයට ගිය අවස්ථාවේ ඔෟෂධ සංයෝජකවරයා විසින් බහින්බස්වීමක් ඇති කරගෙන ඒ මහතාගේ බෙල්ල ප්‍රදේශයට පහරදී තිබිණි.

පහරකෑමට ලක්වූ අමිත් මහතා ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් වී ඇති අතර බිරිය ඔහු බැලීමට බන්ධනාගාරයට ගිය අවස්ථාවේ ඔහු පහරකෑමට ලක්වී රෝහල්ගත කර තිබෙන බව නිලධාරීන් පැවැසීමෙන් අනතුරුව පොලිසියට පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි.

පහරදුන් බව කියන බන්ධනාගාර ඔෟෂධ සංයෝජකවරයා අමිත් වීරසිංහ මහතා තමන්ට පහරදුන් බව කියමින් රඹෑව රජයේ රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ලබාගෙන තිබෙන බවත් අමිත් වීරසිංහ මහතා පහරදුන් බව කියමින් ඔහු අනුරාධපුර මූලස්ථාන පොලිසියට පැමිණිලි කර ඇතත් කළ පරීක්ෂණවලදී ඔහුට කිසිදු පහරදීමක් සිදුකර නොමැති බවදත් පොලිසිය අනාවරණය කරගෙන තිබිණි.

අත්අඩංගුවට ගත් බන්ධනාගාර ඔෟෂධ සංයෝජකවරයා ඊයේ (30දා) අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. අනුරාධපුර මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කේ.ඒ. රත්නසිරි මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com