master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මත්ද්‍රව්‍යවලින් සමන්විත සාදයක්‌ - විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ද ඒ අතර


2018-05-30 08:10:19 -  1198 යි

60 දෙනකුගෙන් ප්‍රශ්න කෙරේ


වේයන්ගොඩ - සිරිමෙවන් පතිරණ සහ නෙවිල් පතිරණ 

වේයන්ගොඩ බැවන්වත්ත ප්‍රදේශයේ ලැගුම්හලකදී මත්කුඩු මත්වතුර හා ගංජා ඇතුළු මත්ද්‍රව්‍යවලින් සමන්විතව මහා පරිමාණ සාදයක්‌ පවත්වා අධික ලෙස මත්ව අනතුරු සිදුවන අයුරින් මෝටර් රථය ධාවනය කරමින් සිටියදී එය පරීක්‍ෂාවට ගිය පොලිස්‌ සැරයන්වරුන් දෙදෙනකුටද පහරදුන් පුද්ගලයකු වාහනය සහ එහි තිබූ මත්ද්‍රව්‍යයද සමඟ 26 දා වේයන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මූකලංගමුව සීදුව ප්‍රදේශයේ පදිංචි ලසන්ත අමරවික්‍රම නමැත්තෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. පහර කෑමට ලක්‌වූ පොලිස්‌ සැරයන්වරුන් දෙදෙනා වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇත. මෙම සැකකරු එලෙස පැමිණෙද්දී ත්‍රිරෝද රථයක්‌ද අනතුරට ලක්‌කරමින් වෙළෙඳසලකටද හානි සිදුකර ඇති බව හෙළිවී ඇත. පොලිසිය වැඩිදුරටත් සිදුකළ පරීක්‍ෂණවලදී හෙළිවී ඇත්තේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ද ඇතුළු මෙම පිරිස මුහුණු පොතින් මිත්‍රව සැලසුම් සහගත ලෙස සදාචාරයට නොගැළපෙන අයුරින් 25 දා සවස සිට 26 දා පහන් වනතුරුම මත්ද්‍රව්‍ය පානය කරමින් සාදය පවත්වා ඇති බවයි.

ලැගුම්හලෙහි සිටි තරුණ තරුණියන් හැටකට අධික පිරිසක්‌ ප්‍රශ්න කිරීම සඳහා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. සැකපිට අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු සම්බන්ධයෙන් කළ වෛද්‍ය පරීක්‍ෂණවලදී ඔහු අධික ලෙස බීමත්ව සිටි බව වාර්තා වී තිබුණි.

ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි මුදිත පුස්‌සැල්ල අත්තනගල්ල පොලිස්‌ අධිකාරි ඉන්දික ද සිල්වා යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ වේයන්ගොඩ පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක සුජීව සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස්‌ පරීක්‍ෂක සුනිල් මහතා ඇතුළු නිලධාරී කණ්‌ඩායමක්‌ වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com