master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

පාර්ලිමේන්තුවට ඔප්පුවක් නෑ


2018-05-25 08:22:59 -  567 යි

ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකිර්ණය සහිත ගොඩනැගිල්ල දියවන්නා ඔය මධ්‍යයේ අවුරුදු 37 ක කාලයක් පවත්වාගෙන ගොස් ඇත්තේ නිල ඔප්පුවක් නොමැතිව බව පාර්ලිමේන්තුවේදි හෙළිදරව් විය.මාතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා මතු කළ ප්‍රශ්නයකින් මේ බව හෙළිදරව් විනි. ලබන ජුනි 05 දා පාර්ලිමේන්තුවේ ඔප්පු ප්‍රදානයකට ආරාධනා කරලා තියෙනවා ඔප්පුවක් නැතුවද මෙච්චර කල් පාර්ලිමේන්තුව පවත්වාගෙන ගියේ.. යනුවෙන් මන්ත්‍රීවරයා විමසීය.
ඊට පිළිතුරු දෙමින් කථානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළේ මේ ගැන පසුව පැහැදිලි කිරීමක් කරන බවයි.
පාර්ලිමේන්තු සංකිර්ණය සහිත ගොඩනැගිල්ල ඉදිකිරීමෙන් පසු 1981 අප්‍රේල් මස 29 දා තඹ සන්නසකින් එවක ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතා විසින් ලබා දී ඇත. ඉන් පසුව යළිත් ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුව පිහිටි භුමිය පුළුල් කරමින් තඹ සන්නසක් ලබාදී ඇත.
නමුත් නිල ඔප්පුවක් නොමැති නිසා ලබන 05 දා ඉඩම් ඇමැති ගයන්ත කරුණාතිලක මහතා නිල ඔප්පුව පිරිනැමීමට නියමිතය. නව නිල ඔප්පුව ප්‍රකාරව පාර්ලිමේන්තුව සහිත මුළු ඉඩම අක්කර 12 රූඩ් 1 යි පර්චස් 32 ක් වේ. ඊට දියවන්නාවෙන් එපිට නාගරික සංවර්ධන අධිකාරියට අයත් භුමිය හා ගොඩනැගිලිද අයත්වේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com