master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා වෙඩි තබා ඝාතනය කරයි


2018-05-25 08:09:24 -  813 යි

රත්මලාන ප්‍රදේශයේ ඥානේද්‍ර මාවතේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මියගොස් තවත් දෙදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරනවා.

මෙම වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ අවුරුදු 62ක් වයසැති දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී කේ. රන්ජන් සිල්වා යන අයයි. ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා බවයි වාර්තා වන්නේ.

සිය නිවසේ මිදුලේ මිතුරන් සමග කතා කරමින් සිටින විට කාර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවත් නාගරික මන්ත්‍රිවරයාට වෙඩි පහරවල් 12 ක් පමණ එල්ල වී ඇති බවද වාර්තා වනවා.

සිද්ධිය පිලිබදව මේ වන විට විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන ආරම්භ කර ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් ඊතලය නිවුස් වෙත ප්‍රකාශ කර සිටියා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com