master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

රෝහලේ කූඩු කඩාගෙන වළහා ගමට පනියි


2018-05-24 15:30:28 -  561 යි

ප‍්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය කුචිවේලි ප‍්‍රදේශයෙන් ගිරිතලේ වනජිවි පශූ වෛද්‍ය රෝහල වෙත රැගෙන ආ වළසෙකු එම රෝහලේදී කූඩුව  කඩාගෙන ගම්මානයට  වැද පුද්ගලයෙකුට පහර දී ඇත.

අද  (24) අලුයම මෙය සිදුව ඇති අතර වනජිවි නිලධාරින් විසින් එම පුද්ගලයාගේ ජිවිතය බේරා ගැනීමට වලසාට වෙඩි තබා මරා දැමූ බව  ගිරිතලේ වනජිවි පශූ වෛද්‍ය රෝහලේ නිලධාරියෙකු පැවසීය.

මෙසේ වළස් ප‍්‍රහාරයට ලක්ව ඇත්තේ  අංක 72 එකේ කණුව  දියබෙදුම  ගිරිතලේ පදිංචි  තිදෙරු පියෙකු වන කේ. එම් .ජී  සරත් ගුණවර්ධන (44) නම් ධීවරයෙකි. මෙම ප‍්‍රහාරය හෙතුවෙන් බරපතල තුවාල ලැබූ ඔහු පොළොන්නරුව මහා රෝහලේ ප‍්‍රතිකාර ලබයි.

මීට දින කිපයකට පෙර සිට ගම්මානයේ වළසෙකු මිනිසුන් පිටුපස පන්නන බවට වනජිවි නිලධාරින්ට පැවසීමේදී  ඔවුන් පවසා ඇත්තේ ප‍්‍රතිකාර සදහා රැගෙන ආ වළසෙකු පැන ගොස් ඇති බවයි.

මේ පිළිබඳව අදහස් දැක්වූ ගිරිතලේ වනජිවි රෝහලේ වෛද්‍ය කලිගු ආරචිචි මහතා,

"පසුගිය 15 දින ත්‍රිකුණාමලයේ කුචිචවේලි සිට අසනිපයෙන් සිටි  වයස අවුරුදු 07ක පමණ වළසෙකු ගෙන ආවා.පහුගිය 20 වැනිදා රෑ සතා කූඩුව කඩාගෙන පැනලා ගිහිල්ලා.අපි වළසා සොයා දිවා රෑ මහන්සි වුණා. මේ අතර තමයි  ගිරිතලේ වැව ළඟ ධීවරයින් දෙදෙනෙකුට පහර දෙනවා කියලා ආරංචි වුණේ.  අපි යන විටත් වළසා පුද්ගලයෙකුට පහර දෙනවා. ඒ පුද්ගලයාගේ ජීවිතය බේරා ගැනිමට වළසාට වෙඩි තියන්න සිද්ධ  වුණා".

මෙම දරුණු වළසාගෙන් ගම් වැසියන් කීප දෙනෙකුම දිවි  ගලවාගෙන ඇති බව පවසන ගම්වාසීන් මෙවැනි දරුණු සතෙකු කූඩු කඩාගෙන ආවා නම් ඒ බව පවසා ගම්මුන් දැනුවත් කළ යුතුව තිබූ බවට වනජීවි නිලධාරීන්ට චෝදනා කරයි.

ඩබ්ලිව්. ඒ පියතිලක - හිගුරක්ගොඩ වාර්තාකරු


  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 16 =       

New Page 1

  2014 by www.eethalayanews.com