www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ලංකාවේ රණවිරුවෝ තවදුරටත් යුධ අපරාධ කරුවන් නොවෙයි..! ආණ්ඩුවට කරන්න බැරි වුන දේ බ්‍රිතාන්‍යයේ නෙසබි ස්වාමි කරයි..!


2018-05-24 09:59:37 -  826 යි

ශ්‍රී ලංකාවේ හමුදාව තවුරටත් යුධ  අපරාධකරුවන් නොවන බව රටේ ජනතාවට ඉතාමත් සතුටින් දැනුම් දෙන බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ අජිත් ප්‍රසන්න පවසවා. ඔහු මේ බව ප්‍රකාශ කලේ පසුගියදා පෑලියගොඩ විද්‍යලංකාර පිරිවෙනේ සංවිධානය කර තිබුණු  රණවිරු සමරුවකට එක්වෙමින්.

යුද හමුදාව පසුගිය යුද සමයේ අවසන් භාගයේදී 40,000ක් දෙමළ ජාතිකයන් මරා දැමුවාය කියන චෝදනාව පදනම් විරහිත එකක් බව බ්‍රිතාන්‍ය  මන්ත්‍රි මණ්ඩලයේ නෙසබි සාමිවරයා ලිඛිතව ඔප්පු කර පෙන්වීම මත ශ්‍රී ලංකාවේ හමුදාව පසුගිය යුද සමයේදී උතුරේ සිවිල් වැසියන් 40,000 ක් මරා දමා ඇතැයි කියන චෝදනාවෙන් දැන් අපේ රට නිදහස් බව ප්‍රකාශ කරමින් 

මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ මේජර් අජිත් ප්‍රසන්න මෙසේද පැවැසීය.

යුද හමුදාව පසුගිය යුද සමයේ අවසන් භාගයේදී 40,000ක් දෙමළ ජාතිකයන් මරා දැමුවාය කියන චෝදනාව පදනම් විරහිත එකක් බව බ්‍රිරතාන්‍ය මන්ත්‍රි මණ්ඩලයේ නෙසබි සාමිවරයා ලිඛිතව ඔප්පු කර පෙන්නුවා. ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයේ නිලධාරීන් බ්‍රිතාන්‍ය මාධ්‍ය අංශයට කේබල් පණිවුඩ මඟින් යැවූ වාර්තාව අපේ නිලධාරීන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ අරගෙනයි එය ඔප්පු කරේ. දරුස්මාන් වාර්තාව හා සහීඩ් අල් හුසේන් කුමරුගේ වාර්තාවන් නිසාත් ඇමෙරිකාව සමඟ අස්සන් කළ දෙමුහුන් යෝජනාව නිසාත් මේ වන විට අපි යුද අපරාධකරුවන් ලෙස හංවඩු ගැසී ඉවරයි. 2015.10.01 වැනිදා ජිනීවාවලදී අපිම යෝජනා කර අපිම සම්මත කර අපිම එකඟ වුණා අපි යුද අපරාධකරුවන් බව.

මේ අනුව උතුරේ යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව 40,000ක් නොව 8,000කටත් අඩු බවත් ඉන් 1/4ක් එල්ටීටීඊ සාමාජිකයන් බවත් 6,000ටත් අඩු දෙමළ ජාතිකයන් මියගොස් ඇති අතර එය මෙවැනි දරුණු යුද්ධයකදී සාමාන්‍ය දෙයක් බවත් ඔප්පු වී ඉවරයි. 40,000 දෙමළ ජාතිකයන් මියගියා කියූ නිසායි අපි යුද අපරාධකරුවන් ලෙස නම් කෙළේ. නෙසබි සාමිවරයා බ්‍ර්තාන්‍ය පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියා ශ්‍රී ලංකාව යුද අපරාධ ලැයිස්තුවෙන් ඉවත් කරන්න කියා. නමුත් ඒ සටන ලංකාවේ විදේශ ඇමැතිවරයා කරන්නේ නෑ. ත්‍රිවිධ හමුදාවට නායකත්වය දුන් ජනාධිපතිවරයාවත්, අගමැතිවරයාවත් මෙය කරන්නේ නෑ. ඔවුන් කියන්නේ අපි යුද අපරාධකරුවන් කියායි.

ඒ නිසායි මා මාධ්‍ය හමුවේ මේ සත්‍ය හෙළිකරමින් හඬක් නඟන ලෙස ඉල්ලා සිටින්නේ. අප විසින්මයි අපේ රණවිරුවන් යුද අපරාධකරුවන් කර තිබෙන්නේ. ඇයි අපේ ආණ්ඩුවට බැරිද නෙසබි සාමිවරයා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට ලිඛිතව යොමු කළ තොරතුරු මත ඉල්ලීමක් කරන්න. අපේ රට යුද අපරාධ ලැයිස්තුවෙන් ඉවත් කරන්න කියා. ඇයි බැරිද පුටු මාරු කරමින් පාර්ලිමේන්තුවේ වටිනා කාලය කා දමන මේ පිරිසට මේ සම්බන්ධව පාර්ලිමේන්තුවේදී හඬක් නඟන්න.

නෙසබි සාමිවරයා ශ්‍රී ලාංකිකයකු නෙවෙයි. ඔහුට ඇති උනන්දුව වත් අපේ මැති ඇමැතිලාට නැහැ. රට ගැන රණවිරුවන් ගැන කැක්කුමක් ඔවුන්ට නැහැ. රණවිරුවන්ට කරන ලොකුම උපහාරය මේ චෝදනාවෙන් ඔවුන් මුදා ගැනීමයි. අපි ඉදිරියේදී මේ ගැන රට පුරා සම්මන්ත්‍රණ පවත්වා රටේ ජනතාව දැනුවත් කරනවා.

මේ ආණ්ඩුව රණවිරුවන් වෙනුවෙන් කරන්නේ උපකාර නෙවි. ආබාධිත රණවිරුවන් ගෙන් 55 පිරුණු අයගේත් ඒ වගේම 55 පිරුණු මිය ගිය රණවිරුවන්ගේ වැන්දඹු බිරින්දෑවරුන්ගේත් ගෙවන වැටුපෙන් 50%මේ රජයෙන් කපා හැරලා. විශ්‍රාම වැටුපෙන් මෙලෙස හරි අඩක් කපා දැම්මාම ලැබෙන සුළු මුදලින් ජීවත් වෙන්නෙ කොහොමද? ආබාධිත රණවිරුවන් පාරට බැහැලා උද්ඝෝෂණ කරන්නේ මේ ආණ්ඩුව ඔවුන් හිඟමනට ඇද දැමූ නිසයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 19 =       

New Page 1

  2014 by www.eethalayanews.com