master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

දිස්ත්‍රික්ක 17 ක පුද්ගලයින් 68,343 ක් අවතැන්-මරණ 9ක්


2018-05-22 23:25:30 -  602 යි

දිස්ත්‍රික්ක කිහිපයකට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින්  68,343 ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ආපදා තත්ත්වය හේතුවෙන් පුදගල මරණ 09ක් වාර්තා වී ඇති බව එම මධ්‍යස්ථානය වැඩි දුරටත් සඳහන් කරයි.

කෑගල්ල, පොලොන්නරුව, ගාල්ල, පුත්තලම සහ මොණරාගල යන දිස්ත්‍රික්කවලින් මෙම මරණ වාර්තා වී ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කළේය.

අකුණු සැර වැදීම් හේතුවෙන්  පුද්ගලයින් සිව් දෙනෙක්, තද සුළං තත්වය හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු, පස් කඳු කඩාවැටීම් හේතුවෙන් එක් පුද්ගලයෙකු සහ දියේ ගිලීමෙන් එක් පුද්ගලයෙකු මියගොස් ඇති බව සඳහන් වෙයි.

දින කිහිපයක් තිස්සේ ඇඳ හැලෙන අධික වර්ෂාපතනයත් සමඟ  දිස්ත්‍රික්ක 17කට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් පවුල් 18,079කට අයත් පුද්ගලයින් 68,343 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.
 
ආපදා තත්ත්වයෙන් නිවාස 25කට පූර්ණ හානි සහ නිවාස 1464කට අර්ධ හානි සිදුව ඇති බව සඳහන් වෙයි.

ඒ අනුව රැඳවුම් මධ්‍යස්ථාන 168ක් මේ වන විට ස්ථාපිත කර ඇති අතර එම මධ්‍යස්ථානවල පවුල් 6710කට අදාළ පුද්ගලයින් 24,187 දෙනෙකු රැදී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com